ලොවපුරා විසිරී පැතිරී සිටින කතෝලික සැදැහැ සංඝයේ ගෞරවයත්, ආදරයත් දිනා සිටින මහිමෝත්තම දෙවිපියාණන් සිය ඒක ජාත පුත්රයාණන්ගේ සදා ආදරණීය මෑණියන් හැටියට තෝරා ගත් මරියෝත්තමාවන් තරම් සුවිශේෂී කාන්තාවක් තවත් නැති බව කීම අතිශයෝක්තියක් නොවේ. ලොව පුරා සෑම රටකම මරියෝත්තමාවන්ට ගෞරව කරන කතෝලිකයෝ විවිධ ගෞරව නාම යටතේ එතුමිය හඳුන්වමින් දෙවි පියාණන් වෙත එතුමියගේ මැදිහත්කමින් යාච්ඤා කරමින් විවිධාකාර පිහිටාශිර්වාදයන්, වරප්රසාදයන් බහුලව දිනා ගනිති.
එතුමිය විවිධ රටවල විශේෂයෙන් කුඩා දරුවන්ටත්, පැවිදි කන්යා සොහොයුරියන්ටත් භක්තිමත් තවත් අයටත් සජීවිව දර්ශනය වෙමින් අසිරිය පෑහ. එයිනුදු ප්රංශයේ ලූර්දුවේ බර්නදෙත් තුමියට දර්ශනය වීම ප්රාතිහාර්යයන් දහස් ගණනින් සිදුවී ඇති සුවිශේෂී වූ එකකි. ලූර්දු ගුහාවේ අදත් දක්නට ඇති ප්රාතිහාර්ය සිදුවන “ජල උල්පත” මගින් නොකඩවා ගලා එන ජලයෙන් අසිරිමත් ආශිර්වාදයන් ලබන දේව ජනතාව අප රටේත් රාශියකි. ඒ ආශ්චර්යය අත්දුටු අප තුළ ද මරියෝත්තමාව පිළිබඳ තිබූ බැති සිත සිය දහස් ගුණයකින් වර්ධනය වූයේ නිසගයෙනි.
දේව මාතාව වන මරියෝත්තමාවන් විවිධ රටවල දර්ශනය වීම්වලදී “ජපමාලය” උච්චාරණය කිරීමේ වැදගත්කමත්, ජනතාව පවින් මිදී පශ්චත්තාප වී දෙවිඳුන් වෙත හැරී ඒමේ වැදගත්කමත් පෙන්වා දීම විශේෂයකි.
දෙව්මවුන්ගේ ජීවිතයෙන් අපට ලැබෙන ආදර්ශයන් ද බොහෝමයකි. එතුමියට කරන යාච්ඤාව මෙන්ම එතුමියගෙන් ලැබිය යුතු ආදර්ශයන් ජීවිතයට එකතු කර ගැනීම ඉතා වටින බව කිව යුතුය.
සී.ආර්. ඩික්සන් ඇන්ටනී
රාගම – විශේෂ