මලක මෙලක සිතා ගන්න බැරි සිතකින් මල් නෙළන්න එපා යාළුවේ…. අබ්ලික්‌ Story

1496

මේක මීට ටික කාලෙකට උඩදී ගාල්ල පැත්තේ වෙච්ච සිදුවීමක්. සයුරි පාසල් අධ්‍යාපන වැඩවලට වගේම බාහිර කි‍්‍රයාකාරකම්වලටත් උපන් හපන්කම් පෙන්නපු ශිෂ්‍යාවක්.

ගමේ හිටිය ලස්සනම කෙල්ල සයුරි කිව්වොත් නිවරදියි. පාසල් අධ්‍යාපනය නිමකරලා සයුරි පෞද්ගලික අංශයේ රැුකියාවක් තෝරාගත්තා.

නාමල් ති‍්‍රරෝද රථ රියැදුරෙක් විදිහට රැුකියාව කළා. එයා කාලයක් හිටියේ යුද හමුදාවේ. පස්සේ කාලෙකදී නාමල් හමුදා සේවයෙන් ඉවත්වෙලා අලූත් රැුකියාව තෝරාගත්තා.

උදේ හවස රැුකියාවට යන සයුරිව නාමල්ගේ නෙත ගැටෙන්නේ ඔය අතරේදියි. දැක්ක පළවෙනිම දවසේ නාමල්ගේ හිත සයුරි කෙරෙහි ඇදිලා ගියා. මේකිනම් පුදුමාකාර ලස්සන කෙල්ලක්. මං කොහොම හරි ඒකිව යාළු කරගෙන කසාද බඳිනවා.

නාමල් එයාගේ ති‍්‍රවිලර් කල්ලියේ යාළුවෝ එක්ක කිව්වා. දවසක් දෙකක් සයුරි පස්සේ් ගිය නාමල් අන්තිමේදී එයාගේ යෝජනාව කෙලින්ම ඉදිරිපත් කළා.

නංගි මං දවස් ගාණක් ඔයා පස්සේ ආවා. මං කැමතියි ඔයාව කසාද බඳින්න. ඔයා මොකද කියන්නේ…

නාමල් එහෙම කිව්වම සයුරිට අසූහාරදාහට තද වුණා. අහිංසකයි වගේ හිටියට සයුරිට පුදුම විදිහට කේන්ති යනවා.

‘තමුසෙගෙ මොළේ හොඳ නැද්ද. මට පිස්සු නෑ කොහෙද යන ති‍්‍රවිලර්කාරයෙක් කසාද බඳින්න. ආපු අතක් බලාගෙන යනවා. සයුරි නාමල්ට බැනලා පන්නගත්තා. ඒත් නාමල් සයුරිට ට‍්‍රයි කරන වැඬේ අතහැරියේ නැහැ. වැඩට යන එන හැම වෙලාවේම නාමල් සයුරි පස්සෙන්ම ගියා.

‘තමුසේ මගේ පස්සේ එන එක නතර නොකළොත් මං පොලිසි යනවා. මේක පුදුම වදයක්නේ. කෙල්ලෙකුට නිදහසේ පාරේ බැහැල යන්න බැරි හැටි.

ඉවසලා ඉවසලා බැරිම තැන සයුරි කිව්වා. ඒ වෙනකොට නාමල්ගේ ආදරේ වෛරයකට පෙරළෙමින් තිබුණා.

හොඳින් නැත්නම් නරකින් හරි මං මගේ උවමනාවල් ඉෂ්ට කර ගන්නවා. නාමල් සයුරිව පැහැරගෙන යන්න සැලසුම් කළා. නාමල්ට තිබුණේ බොහොම දඩබ්බර ගති පැවතුම්. වෙලාවකට එයා වැඩ කළේ කිසිම හිතක් පපුවක් නැති අමනුෂ්‍යයෙක් වගෙයි.

නාමල් එයාගේ ති‍්‍රවලර් කල්ලියේ දෙතුන් දෙනෙක් එක්ක වැඬේට ලෑස්ති වුණා. දවසක් වැඩ ඇරිලා ගෙදර යන්න හිතාගෙන ආව සයුරි අතරමගදී නාමල්ගේ කල්ලියට කොටු වුණා. මෙච්චර දවස් මං උඹගේ ලොකුකම් බල බලා හිටියා. අද උඹ බං කියන විදිහට ඉන්න ඕනේ. මෙතන කලබල නොකර නැඟපන් ති‍්‍රවිලර් එකට. නාමල් සයුරිගේ බෙල්ලට පිහියක් තියලා එයාව බලහත්කාරයෙන් ති‍්‍රවිලර් එකට දාගත්තා.

නාමල්ගේ ගෝලයෝ දෙන්නෙක් ති‍්‍රවිලර් එකේ හිටියා. උන් දෙන්නට මැදිවෙච්ච සයුරි බියෙන් තැති ගත්තා. කළුවරේම ති‍්‍රවිලර් එක ඉගිලූණා. පැය භාගෙට විතර පස්සේ තානායමක් ළඟ ති‍්‍රවිලර් එක නතර වුණා.

මගෙන් මැරුම් නොකා මේකෙන් බැහැලා වරෙන් අද මේක දෙකින් එකක් විසඳගන්න ඕනේ.

නාමල් සයුරිගේ පපුවට පිහියක් තියලා එයාව තානායමට ඇදගෙන ගියා. නාමල් සයුරිගේ බෙල්ලට පිහියක් තියාගෙන එයාව කාමරේකට ඇදගෙන යන කොට එතන හිටිය එක්තරා කාන්තාවකගේ නෙත ගැටුණා.

අනේ සර් දැන්ම තානායමට එන්න මැරයෝ වගයක් අහිංසක කෙල්ලක් මෙහෙට අරගෙන ආවා. දැන්ම නාවොත් කෙල්ලව උන් විනාශ කරලා දායි.

අර කාන්තාව ඒ මොහොතෙම පොලිසියට මේ බව දැනුම් දුන්නා. පොලිස් නිලධාරීනුත් වහාම කි‍්‍රයාත්මක වුණා. විනාඩි ගණනක් ගියේ නැහැ පොලිසිය තානයම වට කළා.

පොලිස් නිලධාරීන් තානායම් කාමරේ දොර කඩාගෙන ඇතුළු වෙද්දී නාමල් මත්පැන් බෝතලයක් හිස් කරමින් ඉන්නවා.

පොලිස් නිලධාරීන් දැක්ක ගමන් සයුරි විලාප තියලා හඬා වැටෙන්න ගත්තා.

අනේ සර් මාව බේරගන්න මේ කාලකන්නියා මාව විනාශ කරන්න හදන්නේ.

පොලිස් නිලධාරීන් නාමල්ව අත්අඩංගුවට ගත්තා. සයුරිවත් පොලිසියට අරන් ගියා.

අර කාන්තාව දුන්න ඔත්තුවට අනුව පොලිසිය ක්‍ෂණිකව කි‍්‍රයා නොකරන්න සයුරිගේ ජීවිතේ එදා විනාශ වෙනවා.

අදරේ බලෙන් ලබාගන්න හදලා අහිංසක කෙල්ලකගේ ජීවිතේ විනාශ කරන්න හදපු නාමල්ට අන්තිමට සිද්ධ වුණේ ආණ්ඩුවේ බෝඩිමට යන්න.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment