මලබඩ කහ ඉරෙන් පාර පැන්න පොලිස් නිලධාරිනිය ලොරියට බිලි

1147

මතුගම, මලබඩ ප්‍රදේශයේ දී ඊයේ (20 වැනිදා) කහ ඉර මතින් පාර මාරු වීමට ගිය කාන්තා පොලිස් සැරයන්වරියක් ලොරි රථයකට යටවී මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දමයන්ති විමලතුංග නමැති 48 හැවිරිදි කාන්තා පොලිස් නිලධාරිනියක බව පොලිසිය කියයි. ඇය සේවය නිමවා නිවෙස බලා යමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment