මලල ක්‍රීඩා ලේකම් ප්‍රේමා පින්නවල ධුරයට සමු දෙයි

151

ආසියාවෙ ප්‍රවීණතම මලල ක්‍රීඩා පරිපාලකයා වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අදාළ අස්වීම පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිගත් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පෞද්ගලික තීරණයක් මත ප්‍රේමා පින්නවල මහතා මෙම ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

ප්‍රේමා පින්නවල මහතාගේ අස්වීමත් සමගම පුරප්පාඩු වූ ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා මලල ක්‍රීඩා සම්මේලන උප ලේකම් පාලිත ජයතිලක මහතා පත් කිරීමට මලල ක්‍රීඩා සම්මේලන විධායක කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ විවිධ තනතුරු හොබවමින් දේශීය මලල ක්‍රීඩාව නඟා සිටුවීමට වසර 50 ක් පමණ සේවය කළ ඒ මහතා ජනසතු සේවා ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ පරිපාලනයට එක් වී එතැන් සිට නොකඩවා විවිධ ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් පරිපාලන කටයුතු කර තිබේ. ඒ අතර වසර 14 ක් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරය හොබවා තිබීම ද කැපී පෙනේ. එමෙන්ම ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කර තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment