ගම්පහ සමූහ – සුසිල් රණමුඛ
ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සමන්ත මුණසිංහ මහතාගේ අදහසකට අනුව පොලිසිය හා මල්වතුහිරිපිටිය ස්ව ශක්ති තරුණ සංවිධානයේ ශ‍්‍රම දායකත්වයෙන් කිසිම ප‍්‍රයෝජනයකට නොගෙන විනාශයට පත්වී තිබූ ගිලන් රථයක් ප‍්‍රතිසංස්කරණය කොට නැවත එය ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරයට තනා ජනතා අයිතියට පැවරීම ක‍්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මල්වතුහිරිපිටිය නගරයේදී ඉකුත් 08 වැනිදා පැවැත්විණි.
එම අවස්ථාවට ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහන් ප‍්‍රදීප් විතාන, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ‍්‍රී, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී ගම්පහ 1 තුසිත කුමාර, මහර ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුදීමා චාන්දනී, මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සමන්ත මුණසිංහ, ස්වශක්ති තරුණ සංවිධානයේ සභාපති ගයාන් ලක්මාල් යන මහත්ම මහත්මීන් ඇතුළු ස්ව ශක්ති තරුණ සංවිධානයේ සාමාජිකයන් හා ප‍්‍රදේශවාසීන් රැුසක් සහභාගි විය.
|