මල් කැකුළු නොතලා පිපෙන්නට ඉඩ දෙමු

469

කෙළිදෙලෙන් යහළු යෙහෙළියන් සමග හුරතල් සිනා න`ගමින් පොත් මිටිය තුරුළු කරන් පාසලට පිය නැ`ගූ කාලයක් සෑම කෙනකුගේම ජීවිතයේ තිබීම නිසැකය. කෙමෙන් කෙමෙන් පිපී ලොවම සුවඳවත් කරන මල් කැකුළු මෙන් කුඩා කාලයේ ඕනෑම දරුවෙක් නිවෙස්වල දෙමව්පියන් සමග හුරතල් වෙමින් දිවි ගෙවූ කාලයක් තිබෙනවා නොඅනුමානය. එහෙව් මිනිසුන් මේරූ පසු, දැනුම් තේරුම් අවබෝධය ඇති වූවාට පසු තවත් පිරිසක් පිපෙන්නට සිටිනවා යැයි අමතක කිරීම ගුප්තය, ආත්මාර්ථකාමීය, අසාධාරණය. නමුත් සුවඳ විහිදුවීමට බලා සිටින පුංචි මල් කැකුළු පිපෙන්නටත් මත්තෙන්ම අනාගත සිහින සොයන අහිංසක කුඩා ජීවිත රැුසක පුංචි සුරංගනා ලෝකයම කටුගා දමා තලා පෙළා දමා විනාශ කරන්නට බලා සිටින වල්මත් වූ කෲර පාපතරයන්ගෙන් අහිංසක මල් කැකුළු නොතලා බේරා ගැනීම වැඩිහිටියන්, තරුණයන් වන අපගේ වගකීමයි. වර්තමානයේ එක බඩවැල කඩා ආ සහෝදර සහෝදරියන්, තම ලෙයින් උපන් දුව, පුතාගේ ලෙය රස කර බොන්නට තරම් අද සමාජය වල්මත් වී ඇත. තම ලෙයටම පාපකාරී ලෙස තමාම වග කියන සමාජයක නොහ`දුනන්ගෙන් මෙම මල් කැකුළු බේරා ගැනීම කෙතරම් සංකීර්ණද, මහමඟ , බස් රථ තුළ, නිවෙස් තුළ පාසල් තුළ ආදී මෙකී නොකී සියලූ ස්ථානවල දරුවන් කෙළෙසන්නේ, කෲර වධ බන්ධනවලට ලක් වන්නේ, මනුෂත්වය දියවී බොඳවී ගිය සමාජ සංස්කෘතීන් ඉදිරියේය. සියලූම ආකාරයෙන් මානසිකව හා කායිකව ළමයාට කරන්නාවූ නොමනා ක‍්‍රියා, ලිංගික අපයෝජන නොසලකා හැරීම හෝ කෲර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයකින් සූරා කෑම් හේතු කරගෙන ළමයාගේ ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ක‍්‍රියාකිරීම ළමයා අපයෝජන හා ළමා හිංසනයයි.

 දියුණු හර පද්ධතියකින් හා සදාචාරාත්මක අතින් අනාදිමත් කාලයක සිට දියුණු වූ රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකිය. එසේ වුවද විදෙස් ආක‍්‍රමණ නිසාම වෙනස් වූ ලාංකික සංස්කෘතිය, සදාචාරය වත්මන් සමාජය බොහෝ දෙනෙක්ට අඩු වැඩි වශයෙන් බලපා තිබේ. ඒ අතර ප‍්‍රධාන තැනක් ගනු ලබන්නේ ළමයින් ය. ඔවුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ට ද සමාජයට ද ඍජු ලෙස බලපෑම් ඇතිකරනු ලබයි. ළමයින් යනු රටේ අනාගතයයි, ආර්ථිකයේ ශක්තියයි.

 මෙසේ වුවත් ළමා අපයෝජනය සියවස් ගණනාවක් පුරා පැවතිය ද ඒ පිළිබඳව අවධානය යොමු වී ඇත්තේ මෑත දශක කිහිපයක සිටය. මෙම ළමා අපයෝජන ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. නමුත් යහපත් සංස්කෘතික වටිනාකම් සදාචාර ඇති රටක් වශයෙන් අපි මේ පිළිබඳව මීට වඩා අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. ළමයා යනු විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයයි. මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකයයි. සුන්දරත්වයේ විශ්වමයයි. ළමයා නිර්වචනයකට හසු කළ නොහැකි තරම්ය. ළමා අයිතිවාසිකම් පිළිබඳ කතා කරනු ලබන සෑම මොහොතකම ළමයින්ගේ යුතුකම් හා වගකීම් අමතක නොකළ යුතුය. ඔවුන්ට අවශ්‍ය සාධාරණ නිදහස ඔවුන්ට ලබාදිය යුතුය.

 වර්තමානයේ නිතරම මාධ්‍යවලින් දක්නට අසන්නට ලැබෙන කාරණා අතර ළමා අපයෝජන අනිවාර්ය සිද්ධි වී ඇත. එතරම්ම මෙම ළමා අපයෝජන අපචාර අද සමාජයේ ව්‍යාප්ත වී ඇත්තේ සුලභ වශයෙනි. මෙය අනුමත කළ නොහැකි කාරණාවකි. දරුවන්ගේ දෙමව්පියන් තමන්ගේ දරුවන් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතුය. දරුවන්ට ලිංගික

 අධ්‍යාපනය ලබා දීම, දෙමව්පියන් දරුවන් සමග මනා සබ`දතාවක් පැවැත්වීම තුළින් මෙම අපචාර වැළැක්වීමට යම් රුකුලක් වනු ඇත. නාගරික ග‍්‍රාමීය ප‍්‍රදේශවල සාපේක්ෂ වශයෙන් වෙනසක් නොමැතිවම මෙම අපචාරවලට ළමුන් ලක්විය හැකිය. මෙම අපචාර ගැහැනු දරුවන්ට පමණක් ආවේණික දෙයක් නොවේ. පිරිමි දරුවන්ද මෙම අපයෝජනයන්ට ලක්වන බැවින් ඔවුන් ගැන ද ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම තර කරගත යුතු ආරක්ෂාවක් ඇත.

 සමාජ මට්ටම් අනුව භේදයකින් තොරව මෙම ළමා අපචාර සිදු විය හැකි බැවින් සමස්ථයක් වශයෙන් සියලූ දෙනා ළමයින් පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් වේ. විදෙස් රටවල දරුවන් පිළිබඳ නීතිය තදින්ම ක‍්‍රියාත්මක වන ආකාරයටම අප රටේද මෙම නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ නම් වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන ළමා අපචාර ළමා හිංසනයන්වලට වැට බැඳිය හැකිය. ඔවුන්ට ද කිසිදු බාධකයකින් තොරව, බියකින් සැකයකින් තොරව නිදහසේ විකසිත වන්නට පුළුවන. ඒ සඳහා වැඩිහිටියන් ලෙස ගත යුතු සියලූ යුතුකම් වගකීම් ඔවුන් වෙනුවෙන් අප භාරගත යුතුය. එවිට පිපෙන්නට වෙර දරනා පුංචි මල් කැකුළු අප රට තුළ විශාල මෙහෙයක් කරනු නොඅනුමානය. ඔවුන්ගේ නිදහස ඔවුන්ට දෙමු. ළමා අපචාර හිංසනවලින් තොර ශක්තිමත් රටක් ගොඩනැ`ගීමට කළ යුතු උපරිමය කරමු.

 කේ. බී. දිනූශා ක‍්‍රිශාන්ති
 කැළණිය විශ්වවිද්‍යාලය,
 ජනසන්නිවේදන අධ්‍යයන අංශය.

advertistmentadvertistment
advertistmentadvertistment