මල් කැකුළු වනසන තිරිසනුන්ට දඬුවම් ප‍්‍රමාද නොකරවු – (යුක්තිය පසිඳලීම ප‍්‍රමාදවීම)

235

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනු ලබන්නේ ප‍්‍රධාන ක‍්‍රම හතරක් ඔස්සේ ළමා අපයෝජන සිදුවන බවයි. ශාරීරික අපයෝජනය, මානසික අපයෝජනය, ලංගික අපයෝජනය හා නොසලකා හැරීම යන්න එම අපයෝජන අවස්ථාවන්් වේ. අප රටේද මෙම අංශ හතර ඔස්සේ දරුවන් අපයෝජනයට ලක්වන අවස්ථා බහුලය. ඒ අතරිනුත් බරපතළ වන්නේ දරුවන්ට සිිදුවන ලිංගික අපයෝජනයන්ය.
 
 මේ දිනවල අප රටේ දරුවන්ට සිදුවෙන හිංසන කතා අසා අපට ඒ පිළිබඳව ඇතිවන්නේ දැඩි අවුලකි. අන්තර්ජාලය ඔස්සේ විකුණූ දැරියකගේ කතා වස්තුව මේ දිනවල එක දිගට දිගහැරේ. පහළොස් හැවිරිදි මෙම දැරිය අප රටේ කාම ගින්නෙන් පෙළෙන අධමයන් 300 කගේ පමණ අපහරණයට ලක්ව ඇති බව වාර්තා වෙයි. මෙම දැරිය සිද්ධියට අදාළ පාපතරයා විසින් විකුණා ඇත්තේ ඇය කන්‍යාවියක් යයි පවසමිනි. කන්‍යාවියන් සමග යහන්ගතවීම මාර ත‍්‍රිල් එකක් යැයි සිතා මෙලෙස දැරියගේ පහස පතා ආ පිරිස අතර අප රටේ සමාජයේ පිළිගත් වෘත්තීන්වල යෙදෙන පාදඩයන් සිටීමද අතිශය කනගාටුදායකය. මෙම සිද්ධියට අදාළව දැනටමත් ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයකු, විශේෂඥ වෛiවරයකු ද කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම මාලේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැරිය අපයෝජනය කළ ඉතිරි අයගේ ද පැටිකිරිය ඉදිරියේදී හෙළිදරව් වනු ඇතැයි අපි යත්න දරමු.
 
 එහෙත් ප‍්‍රශ්නය වනුයේ මෙම පාපතරයන් පිළිබඳව නඩු අසා ඔවුනට දඬුවම් ලබාදීමට කොයිතරම් කාලයක් ගතවෙනු ඇත්ද යන්නයි. ඊට හොඳම උදාහරණය පෙරේදා (6 දා) අනුරාධපුර මහාධිකරණයෙන් වාර්තා විය. අනුරාධපුර මහාධිකරණ බලප‍්‍රදේශයට අයත් වයස අවුරුදු පහළොවක සහ දොළොස් වැනි වියේ පසුවන අක්ක නගෝලා අපයෝජනයට ලක්වන්නේ සිය මවගේ පාපතර අනියම් සැමියා අතිනි. එම අවස්ථාවේදී එම පාපතරයාගේ වයස අවුරුදු 31 ක් විය. එහෙත් මෙම පාපතරයා කළ වරදට දඬුවම් ලැබෙන්නේ වයස අවුරුදු 61 ක් වෙද්දීය. එනම් අවුරුදු 30 කට පසුවය. මෙම පාපතරයාට ලැබෙනුයේ අවුරුදු 90 ක සිරදඬුවමක්ය. ඒ අනුව බලන කල වෙනත් කිසිදු සමාවක් මෙම පාපතරයාට නොලැබුණහොත් නරකාදියට යන්න වෙන්නේ සිරගෙදරදීය. නමුත් මෙම වනචරයාට වරද කළ කාලයේදී (අවම වශයෙනන් පළමු අවුරුද්දේවත්) අදාළ දඬුවම ලැබුණේ නම් අවුරුදු 30 ක් නිදහසේ සැරි සැරීමට අවස්ථාව උදා නොවෙනු ඇත. එනිසාම විශේෂයෙන්ම දරුවන් අපයෝජනය කරන අපතයන්ට ඉක්මණින් දඬුවම් ලබාදිය හැකි ක‍්‍රමවේදයක් සකසන ලෙස අපි අධිකරණ ඇමැතිගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.
 
 එසේ නොවුණහොත් මෙම සිද්ධිය ආශ‍්‍රිතව පෙළගැසෙන තවත් සමාජීය ප‍්‍රශ්න ගණනාවක් තියෙන බව අදාළ පාර්ශ්ව හා නිලධාරීන් තේරුම් ගත යුතුව ඇත. සමහර දරුවන් කුඩා කළ අගතියට ලක්වී ඒ සම්බන්ධ නඩු කටයුතු ද අවසන් වෙද්දී ඔවුන් පවුල් ජීවිත ගත කරන දෙමාපියෝ සහ වැඩිහිටියන් බවට පත්ව සිිටිති. ඒ අනුව වසර ගණනාවක් පසුවී ලැබෙන මෙම තීන්දු නිසා ඔවුන් වැඩිහිටියන් වශයෙන් දැඩි මානසික පීඩනට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. අප කියන මේ කාරණයට මැති සබයේ සිටින කවුරුවත් විරුද්ධ නොවන බව අපි දනිමු. එනිසාම අලූත් නීති සම්පාදනය කර ළමා අපයෝජකයන්ට හැකි ඉක්මනින් දඬුවම් ලබාදීමට අණ පනත්් ගෙන එන ලෙස අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.
 
 එහෙත් මෙහිදී මතක් කළ යුතු කාරණයක්ද තිබේ. එවැනි දඬුවමකින් යම් ප‍්‍රමාණයකට මෙරට අපරාධ වළක්වා ගත හැකිය. නමුත් දීර්ඝකාලීනව අප රටේ දරු පරපුර අපයෝජනයට ලක්නොවී රැුක ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුය. ඊට ද පක්ෂ විපක්ෂ භේද අවශ්‍ය නැත. අපි කියන මෙය තවත් ප‍්‍රමාද නොකළ යුතුය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පෙන්වා දෙන අයුරින් මෙම වසරේ (2021) ගතවූ මාස හයට පමණක් ළමා අපයෝජන පැමිණිලි 4000 ක් ලැබී ඇත. ගතවූ වසර එකහමාරක කාලය තුළ සිදුවූ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 12165 ක්් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත. අප ප‍්‍රශ්න කරනුයේ මෙසේ පැමිණිලි ලැබුණ ප‍්‍රමාණයට වඩා බොහෝ දරුවන් පිරිසක් මෙම ධර්මද්වීපය තුළ අපයෝජනයට ලක්වන බවයි. එනිසා මේ රටේ දරුවන්ට ආදරය කරන සියලූ පාර්ශ්ව එක්වී අපේ දරුවන් අපයෝජනයට ලක්වීමෙන් වළක්වා ගැනීම සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතුය. එසේ ප‍්‍රමාද වන තරමරටම අප රටේ අනාගතය බාර ගැනීමට සිටින මල් කැකුළු වන් දරුවන්නේ ජිවිත සුරක්ෂිත නොවනු ඇත.
 

advertistmentadvertistment
advertistmentadvertistment