මල් නාට්‍ය නැරඹුවත්… පේ‍්‍රක්‍ෂකයාගේ් ආදරය කලාත්මක නිර්මාණවලට – නුවනි වලිමුණි

306

මම විශ්වවිද්‍යාල ආචාර්යවරියක්….

අඳුන්ගිර ටෙලි නාට්‍යයේ තිලකා මේ දවස්වල බොහෝ දෙනකගෙන් බැනුම් අහන චරිතයක් බවට පත්වෙලා. ඒ ඇයට උරුම සැරපරුෂකම් නිසා. තිලකා එහෙම වුණත් නුවනි ගැන දන්නෙ බොහොම ටික දෙනයි. මව්පිය උරුමයෙන් ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පිවිසෙන නුවනි වලිමුණි එතැනින් ඉදිරියට තවත් පියවරක් තබමින් රංගනයටත් පිවිසෙනව. මේ වන විට ටෙලි නාට්‍ය හතරකින් ඇයගේ රංගනය ඔබට දැකබලා ගන්න පුළුවන්. එතනින් එහාට වැඩිදුර තොරතුරු අපි නුවනිගෙන්ම අහමු.

තිලකාට ලැබෙන ප‍්‍රතිචාර මොනවගේද?

මේ වන විට මගේ ටෙලි නාට්‍ය හතරක් නාලිකා හතරක විකාශනය වෙනවා. ඒ හතර අතරින් සැරපරුෂම චරිතය තමයි අඳුන්ගිර ටෙලි නාට්‍යයේ තිලකාගේ චරිතය. මෙතන විශේෂත්වය වන්නේ තාරා කියන පුංචි දුවට තමයි පේ‍්‍රක්‍ෂකයාගේ ආදරය අනුකම්පාව ලැබෙන්නෙ. මගේ චරිතය නිතරම ඇය සමග ගැටීමක් සිදුවෙනව. හරියටම කිව්වොත් කුඩම්මා කෙනකුගෙ චරිතයක්. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට මට බැනුම් තමයි අහන්න ලැබෙන්නෙ.

මොනවද අනෙක් නිර්මාණ?

සියත නාළිකාවේ විකාශනය වන ‘රේස්. (ශ‍්‍රීමතී)” දෙරණ නාළිකාවේ විකාශනය වන ‘රන්තිලි වැව. (ශීලා)” ටී. වී. යව් නාළිකාවේ විකාශනය වන සිදන්ගනාවෝ.

නුවනි රංගනයට අමතරව නිෂ්පාදිකාවක් හැටියටත් කටයුතු කරනවා?

මුලින්ම ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු කළේ මගේ අම්මයි තාත්තයි. ඒ ආභාෂයෙන් තමයි මම නිෂ්පාදනයට යොමු වෙන්නෙ. ඒ වගේම මට එදා ඉඳන් හිතුන දෙයක් තමයි පේ‍්‍රක්‍ෂකයන්ට දැනෙන ගුණාත්මක නිර්මාණ බිහිවෙන්න ඕන කියන දේ. ඒක අභියෝගයක්. නමුත් මම හිතුවා උත්සාහ කරල බලනව කියල.

මල් නාට්‍ය නැරඹුවත්... පේ‍්‍රක්‍ෂකයාගේ් ආදරය කලාත්මක නිර්මාණවලට - නුවනි වලිමුණි


ඔබ වෘත්තීයමය රංගන ශිල්පිණියක් නොවෙයි?

ඔව්. මම වෘත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරියක්. රඟපෑම කියන්නෙ මට එක විනෝදාංශයක් විතරයි. ඒ වගේම ඒක මට දෙවියන් විසින් දුන් තිළිණයක් හැටියටත් මම සලකනව. ඒ නිසා ලැබෙන හැම චරිතයක්ම භාරගෙන නාට්‍ය නිෂ්පාදනය කරල නිළියක් වෙන්න අවශ්‍යතාවක් නැහැ.

ටෙලි නාට්‍ය නිෂ්පාදනය” රංගනය සහ ගුරු වෘත්තිය යන මේ භූමිකාවන් අතර සමබරතාව රැුකගන්නෙ කොහොමද?

දැනට මම අවුරුද්දකට ටෙලි නාට්‍ය එකක් පමණක් නිෂ්පාදනය කරනව කියන තැන තමයි ඉන්නෙ. ඊට අමතරව ලැබෙන ආරාධනා භාරගන්නෙ

ලොකු තෝරාගැනීමකින් පස්සෙ. කොළඹින් පිට වැඩකට යනවනම් ඒ බොහොම අඩුවෙන්. ඒ නිසා එකිනෙක අතර සමබරතාව රැකගැනීම ලොකු ගැටලූවක් වෙලා නැහැ.

ලැබෙන චරිත ගැන වැඩි සැලකිල්ල ඔබේ වෘත්තිය නිසාද?

එහෙම දෙයක් නැහැ. මගේ ආශාව ජනප‍්‍රිය නිළියක් වීම නෙමෙයි. මම කැමති දක්‍ෂ රංගන ශිල්පිණිය කියන ලේබලයට. වෘත්තීයමය රංගන ශිල්පිණියක් නොවන නිසා මට තෝරා ගැනීමේ නිදහස තියෙනව.
 වෙනස් ආකාරයේ කතා තේමා නිෂ්පාදනයට යොමුවෙන්නෙ ඇයි?

පොඩිකාලෙ ඉඳන් අපි දැක්කෙ ද`ඩුබස්නාමානය” වෙදහාමිනේ වගේ අපූරු ටෙලි නාට්‍ය. අදටත් සමහර ඒවායේ සංගීතය” දෙබස්” පසුතල වගේ දේවල් මතකයි. අපේ දශකයේ ඉපදුන අය ඒ නාට්‍යවල රස තමයි දන්නෙ. නමුත් දැන් දැන් එවැනි නාට්‍ය බිහි නොවෙන බව දැනෙනකොට මම හිතුව නැවත වතාවක් එවැනි නාට්‍යවලට පේ‍්‍රක්‍ෂකයන් සමීප කරන්න ඕනා කියල.

මල් නාට්‍ය නැරඹුවත්... පේ‍්‍රක්‍ෂකයාගේ් ආදරය කලාත්මක නිර්මාණවලට - නුවනි වලිමුණි

ගුණාත්මක නිර්මාණවලට නාලිකාවලින් ඉඩක් තියෙනවද?

ඒක නම් ලොකු අභියෝගයක්. ගොඩක් පෞද්ගලික නාලිකා ගත්තොත් ඒ නාළිකාවලටම නිර්මාණ කරන නිෂ්පාදකවරු දැනටමත් ඉන්නවා. සමහර වෙලාවට ඒ ඒ නාළිකාවලින්ම නිෂ්පාදන කටයුතු කරනව. ඉතින් අපි වගේ බොහොම පොඩි නිෂ්පාදකවරුන්ට රජයේ නාළිකා දෙක තමයි බලාපොරොත්තුවකට තියෙන්නෙ. ඒවායෙත් යම් යම් තෝරාගැනීම් විශාල ප‍්‍රමාණයක් තියෙනව. ඇත්තටම මගෙන් සමහර අය ඇහුව මේ වගේ නාට්‍යයක් කරල විකුණගන්න පුළුවන් වෙයිද කියල. මේ දේවල් කොහොම වුණත් ගුණාත්මක නාට්‍ය වලට පේ‍්‍රක්‍ෂකයන්ගේ සහ නාළිකාවල ඉල්ලූම අදටත් නැතිවෙලා නැහැ.

අඳුන් ගිරට තිබුණු අභියෝග?

ඇත්තටම මේ වගේ ටෙලි නාට්‍යයක් රූගත කිරීමේදී විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. මේ 70 දශකය නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමක්. පසුතල අලූතින්ම හදන්න ඕනා. අඳුන්ගිර ටෙලි නාට්‍යයේ පළමුවැනි කොටස් ටික රූගත කිරීම් කරල පූර්ව දර්ශනය සඳහා නාළිකාවට යොමුකරල තිබුණ කාලෙ සමහර පසුතල අලි කැඩුවා. දෙවැනි වතාවටත් අලූතින්ම හදන්න සිද්ධ වුණා. මේවා ලොකු අභියෝග. නමුත් කවුරු හරි මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනා.

පවුලේ පසුබිම ගැන කතාකළොත්?

මගේ තාත්තා තමයි කලාව අපේ ගෙදරට අරගෙන ආවෙ. ඔහු රංගන ශිල්පියෙක්. නිෂ්පාදනයට යොමුවීමේ අදහස අම්මාගෙ. ඉන් පස්සෙ දෙන්නම එකතු වෙලා ටෙලිනාට්‍ය නිෂ්පාදනය ඉදිරියට කරගෙන ගියා.

නවක අධ්‍යක්‍ෂවරයෙක් ගැන ඔබ විශ්වාසය තබනවා?

ඉන්දික එක්ක මම මුලින්ම වැඩ කළේ 2009 අවුරුද්දේ. ඒ ටෝනි රණසිංහ මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘අම්මයි ලයි. ටෙලි නාට්‍යයේ. එදා ඉන්දික සහය අධ්‍යක්‍ෂවරයෙක්. පස්සෙ කාලෙක ගිරිදේවි මම පිස්සුවෙන් වගේ බැලූවා. ඒක ඉන්දිකගෙ අධ්‍යක්‍ෂණයක්. ඒ අතර තමයි අපේ කැමරා අධ්‍යක්‍ෂ ප‍්‍රභාත් දර්ශන මට යෝජනාවක් ගේන්නෙ ඉන්දික හොඳ නැද්ද කියල. ඒ යෝජනාව අනුව මම ඉන්දිකව තෝරාගන්නවා.

ලංකාවේ පිටපත් ගැන සෑහීමකට පත්වෙනවාද?

ඇත්තටම හොඳ පිටපත් තියෙනවා. සමහර ඒවා දැක්කාම මමත් පිස්සුවෙන් වගේ කියවන්නෙ. නමුත් පිරිවැය” නාළිකාවලට යොමු කිරීම සහ පේ‍්‍රක්‍ෂකයාගේ ප‍්‍රතිචාරය යන ගැටලූ තමයි නිෂ්පාදකවරයකුට මතුවෙන්නෙ. ඒ හැරුණම ඉතා හොඳ පිටපත් බිහිවෙනව. ඔය අතර නාට්‍ය ෂූටින් කරද්දි සෙට් එකට එන පිටපත්වලට නම් මගේ කැමැත්තක් නැහැ. අද කාලෙ ගත්තාම බිහිවෙන මල් නාට්‍ය පේ‍්‍රක්‍ෂකයා නැරඹුවත් ඔවුන්ගේ ආදරය ගෞරවය තියෙන්නෙ කලාත්මක නිර්මාණවලට කියලයි මම විශ්වාස කරන්නෙ.

මහේෂ් එදිරිසිංහ
ඡායා – ශීතාන් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment