මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 02දා සිට 14දා දක්වා වරින් වර විවෘත කර තබන බවට විදුලි බල මණ්ඩලය විසින් දැනුවත් කළ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය.
මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තබන වේලාවන්වල ජලාශ වේල්ලට පහලින් වූ කෙසෙල්ගමු ඔයේ සහ කැලණි ගගේ ජල මට්ටම තරමක් වැඩි විය හැකි බැවින් ඒ පිළිබඳව ජලය පරිහරණය කරන පුද්ගලයන් සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටී.
පවතින අයහපත් කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වී ඇත.
ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක