මව රෝහල්ගත කර එද්දී පෙම්වතියට අතවර කළ පෙම්වතා ඇතුළු නරුමයෝ දෙදෙනා නිදැල්ලේ

1620

රෝගාතුරව සිටි පෙම්වතියගේ මව රෝහල් ගත කොට පැමිණි පෙම්වතා මිතුරන් දෙදෙනකු සමග පෙම්වතියට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අවුරුදු 17ක් වූ දැරියක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. අසනීපව සිටි මව බදුරලිය රෝහලට ඇතුළත් කිරීම සඳහා පෙම්වතා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග කැබ් රථයකින් ගිය බවත්, මව රෝහල් ගතකර රාත්‍රී 10.00ට පමණ ආපසු එමින් සිටියදී හමුවන පාලු ප්‍රදේශයකදී පෙම්වතා හා ඔහුගේ මිතුරන් තමාව දූෂණය කළ බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

බදුරලිය පොලිස් ස්ථානාධිපති පො.ප. දිල්රුක් කොළඹගේ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ


advertistmentadvertistment