මහගම සේකරයන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

735

මහගම සේකර මහතාගේ ප්‍රිය බිරිඳ කුසුමලතා මහගමසේකර මහත්මිය ඊයේ (21 දා) අභාවප්‍රාප්ත වූවාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත.

මිය යන විට ඇය 88 හැවිරිදි වියෙහි පසු වූවාය.

අවසාන ගෞරවය සඳහා ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වැනි සිකුරාදා පෙරවරු 10 සිට තැන්පත් කර තබනු ලැබේ. අවසාන කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහන පරිශ්‍රයේදී සිදු කෙරේ.


advertistmentadvertistment