මහජන අරගලය සහ පඤ්චශීල ප්‍රතිපදාව

137

බුදුරජාණන් වහන්සේගේ දේශපාලන න්‍යාය තුළ ඇත්තේ දැහැමින් සෙමෙන් පාලනය කිරීමයි. එවන් රජවරු බෝසත් රජවරු වෙති. ඒ රජවරුන් තුළ එසේත් නැතහොත් රාජ්‍ය තුළ පඤ්චශීල ප්‍රතිපදාවට අමතරව දානය, අර්ථචර්යාව, සමානාත්මතාවය, කළ්‍යාණ මිත්‍රතාව යන සතර සංග්‍රහවස්තුව. දානය, ශීලය, පරිත්‍යාගය,සෘජුභාවය, මෘදුභාවය, තපස, ක්‍රෝධ නොකිරීම, අවිහිංසාව, ඉවසීම, අවිරෝධතාව, යන දස රාජ ධර්ම, මෙන්මදාන, ශීල,නෙක්ඛම්ම, ප්‍රඥා,වීර්ය,ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ඛා යන දස පාරමිතාවන්, ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්‍යන්තර ජනයා වූ අඹු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම. (අන්තෝජනස්මිං) රටේ ආරක්ෂක බලකාය කෙරෙහිද (බළකායෙසු) රජ පරපුරෙහි ජනයා කෙරෙහිද (ඛත්තියෙසු) රාජ්‍ය තන්ත්‍රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහිද (අනුයුතෙනසු) රටෙහි වෙසෙන බ්‍රාහ්මණ ගහපති ආදී විවිධ ජන කොටස් කෙරෙහි ද (බ්‍රාහ්මණ ගහපතිකේසු) නියම්ගම් ජනපද වැසියන් කෙරෙහිද (නේගමජානපදෙසු) රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද (සමණ බ්‍රාහ්මණෙසු) මෘග පක්ෂීන් ආදී සතුන් කෙරෙහිද (මිගපක්බීසු) යන මෙකී අය කෙරෙහි ආරක්ෂාව සැලසීමද, තමන්ගේ රජයෙහි අධර්මක්‍රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට ධනය ලැබෙන්නට සැලසිමෙන් ඔවුන් සැපවත් කිරීමද, තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නවවිධ මානයෙන් බැහැර වූ පඤ්චකාමයෙන් වෙන් වූ ස්වකීය චිත්ත දමනය කළ කෙලෙස් සන්සිඳුවා ගත් (රහත් හෝ රහත් බඳු) පැවිදි උතුමන් වෙත කළින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද කුමක්දැයි අසාදැන ගන අදහමින්, වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම, ආදි දස සක්විති වත් ආදී කාරණා අනුගනය කළ යුතු වෙයි.

 වර්තමානයේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහා ජන අරගලයකි. ජනාධිපති, අගමැති මැතිවරුන්ට ගෙදර යන ලෙස අරගලකරුවෝ කියති. ඔවුහුද එය නොඇසූ කන්ව සිටිති. මේ දෙපිරිසටම අයත් නුවූ ජනයා කුමකින් කුමක් වන්නේ දැයි වික්ෂිප්තව සිටියි. ලංකාව තුළ දුර්වල කළමනාකරණය පදනම් කොට ගෙන ආර්ථික අර්බුදයක් ගොඩ නැගිනි. ආදායම් අඩු වීම, භාණ්ඩ හිඟ වීම භා මිළ ඉහළ යාම, භාණ්ඩ ලබා ගැනීමේ පෝලිම් හා අනාගතය පිළිබදව අවිනිශ්චිත වූ තරුණ පිරිස පවතින ආණ්ඩුව පිළිබඳව විශ්වාසය බිද වැටීම යන කරුණු පදනම් කරගෙන සිටින පාලකයන් එළවා දමා අලුත් පිරිසකට පාලන බලය ලබා දීම ඔවුන්ගේ අරමුණ වේ.

 රාජ්‍යත්වය පිළිබඳව බෞද්ධ ආකල්පය සාම්ප්‍රදායික ආකල්පයට වඩා බොහෝ වෙනස් වෙයි. රජෙකු පහලවන්නේ ආර්ථික අර්බුදය පදනම් කොට ගෙනයි. මෙය අග්ගඤ්ඤ සූත්‍රය තුළ දක්වයි. මෙසේ ආරම්භවූ රාජ්‍යත්වය පසුකාලීනව වෙනස් විය. චක්කවත්ති සීහ නාද සූත්‍රය තුළ පසුව රජුන් රජ කළ ආකාරය දක්වයි. මරමින්, මරවමින්, සොරකම් කරමින්, සොරකම් කරවමින්, බොරුකියමින්, බොරුකියවමින් මේ ආදි වූ අපරාධකරමින් රාජ්‍ය පාලනය කළ බවයි. නොමරමින්, නොමරවමින්, හොරකම් නොකරමින්, නොකරවමින්, බොරු නොකියමින්, නොකියවමින් මේ ආදි වරදින් තොරව රාජ්‍ය පාලනය කළ යුතු අයුරු චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය තුළ දක්වයි. ඒ පඤ්චසීල ප්‍රතිපදාවට අනුව රාජ්‍ය පාලනය කිරීමයි. මෙම චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය සංකල්පයක් මිස දේශපාලන භූමිය තුළ ක්‍රියාත්මක වූවක් නොවෙයි. අරගල කරන අය සිටින නායකත්වයන් ඉවත් කොට මෙම පරමාදර්ශී නායකත්වය අපේක්ෂා කරයි. එහෙත් වර්තමාන සමාජය තුළ මෙවන් පරමාදර්ශී නායකත්වයක් ලැබෙයි ද යන්න සිහිනයකි. එහෙත් මෙම පඤ්චශීල ප්‍රතිපදාව යටතේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගත හැක්කේ නම් මෙය සැබෑ වූ සිහිනයක් බවට පත් කර ගත හැකි ය.

 බුදුරජාණන් වහන්සේගේ දේශපාලන න්‍යාය තුළ ඇත්තේ දැහැමින් සෙමෙන් පාලනය කිරීමයි. එවන් රජවරු බෝසත් රජවරු වෙති. ඒ රජවරුන් තුළ එසේත් නැතහොත් රාජ්‍ය තුළ පඤ්චශීල ප්‍රතිපදාවට අමතරව දානය, අර්ථචර්යාව, සමානාත්මතාවය, කළ්‍යාණ මිත්‍රතාව යන සතර සංග්‍රහවස්තුව. දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුභාවය, මෘදුභාවය, තපස, ක්‍රෝධ නොකිරීම, අවිහිංසාව, ඉවසීම, අවිරෝධතාව, යන දස රාජ ධර්ම, මෙන්මදාන, ශීල,නෙක්ඛම්ම,ප්‍රඥා,වීර්ය,ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ඛා යන දස පාරමිතාවන්, ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්‍යන්තර ජනයා වූ අඹු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම. (අන්තෝජනස්මිං) රටේ ආරක්ෂක බලකාය කෙරෙහිද (බළකායෙසු) රජ පරපුරෙහි ජනයා කෙරෙහිද (ඛත්තියෙසු) රාජ්‍ය තන්ත්‍රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහිද (අනුයුතෙනසු) රටෙහි වෙසෙන බ්‍රාහ්මණ ගහපති ආදී විවිධ ජන කොටස් කෙරෙහි ද (බ්‍රාහ්මණ ගහපතිකේසු) නියම්ගම් ජනපද වැසියන් කෙරෙහිද (නේගමජානපදෙසු) රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද (සමණ බ්‍රාහ්මණෙසු) මෘග පක්ෂීන් ආදී සතුන් කෙරෙහිද (මිගපක්බීසු) යන මෙකී අය කෙරෙහි ආරක්ෂාව සැලසීමද, තමන්ගේ රජයෙහි අධර්මක්‍රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට ධනය ලැබෙන්නට සැලසිමෙන් ඔවුන් සැපවත් කිරීමද, තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නවවිධ මානයෙන් බැහැර වූ පඤ්චකාමයෙන් වෙන් වූ ස්වකීය චිත්ත දමනය කළ කෙලෙස් සන්සිඳුවා ගත් (රහත් හෝ රහත් බඳු) පැවිදි උතුමන් වෙත කළින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද කුමක්දැයි අසාදැන ගන අදහමින්, වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම, ආදි දස සක්විති වත් ආදී කාරණා අනුගනය කළ යුතු වෙයි.

 බෞද්ධ දර්ශනය තුළ එන රජු තම ප්‍රතිපත්තිලෙස මෙම ගුණ ධර්ම අනුගමනය කරයි. පන්සිය පනස් ජාතක පොතෙහි එන බෝසත් රජවරු මෙම ගුණයන්ගෙන් යුක්ත රජවරු වෙති. ඒ රජවරුන්ගේ රාජ්‍ය යස ඉසුරින් පිරි සුඛිත මුදිත රටක් වෙයි. එසේ නොවන රජුන් හා ඒ රජුන්ගේ රාජ්‍ය පරිහානියට පත් වෙයි. රජුන් වැරදි කරන විට එම රජුන් එළවා දැමීම සදහා මහජන අරගල කිරීම අතීතයෙහි ද සිදු වූ බව පන්සිය පනස් ජාතක පොත තුළ දක්නට ලැබෙයි. මහා සුතසෝම ජාතකයෙහි රජු මිනිසුන් මරා මස් කෑමට ගිජු වූවෙකි. බන්ධනාගාරයෙහි සිටි සියලු මිනිසුන් මරා කෑ ඔහු ඊ ළඟට මං මාවත්වල කහවනු එල්ලා ඒවා ගන්නට එන මිනිසුන් මරා මස් කන්නට විය. තමන්ගේ දුව, පුතා, අම්මා, තාත්තා, නැන්දා, මාමා, මේ ආදි වශයෙන් කවුරුන් හෝ අතුරු දහන් වූ කළ මිනිසුන් ස්වේච්ඡාවෙන් මේ ගැන සොයන්නට විය. අනතුරුව මේ මරන්නේ රජුගේ අරක්කැමියා බවත් ඒ රජු උදෙසා බවත් දැන ගත් විට එක්කෝ මේ අපරාධය නතර කරන ලෙසත් නැතහොත් රාජ්‍ය අතහැර යන ලෙසත් ජනයා උද්ඝෝෂණය කරන්නට විය. රජු රාජ්‍ය අතහැර අරක්කැමියා සමග වන ගත විය. ජනතා උද්ඝෝෂණය ජනතා කෝපයක් වූ අවස්ථාවක් පදමානවක ජාතකයෙහි දක්නට ලැබෙයි. පදමානවක කුමරාට පියවර මැන සොරුන් ඇල්ලීමේ හැකියාවක් ඇත. රජු හා රාජ පුරෝහිත මේ බව දැන ගනියි. මොහු ජීවත් වුවොත් තමාගේ සොරකම් හසු වේයැයි සිතන ඔවුහු පදමානවක කුමරු මරා දැමීමට උපක්‍රමයක් යොදති. රජු සහ පුරෝහිතයා රාජ්‍ය භාණ්ඩාගාරය සොරකම් කරති. අනතුරුව ඒ සොරුන් අල්වා දෙන ලෙස රජු හා පුරෝහිතයා ඉල්ලා සිටිති. මෙහි දී හොරුන් නො ඇල්ලුවොත් එසේ නැතහොත් රජු හා පුරෝහිතයා රාජ්‍ය භාණ්ඩාගාරය සොරකම් කරා කීවොත් ඒ අවස්ථාව පසු බිම් කරගෙන පදමානවක කුමරුන් මරා දැමීමට තීරණය විය. පදමානවක කුමරු සොරුන් දැන තමා සොරුන් කවුරුන්දැයි දන්නා බව හැගවීමට විවිධ තොරතුරු කියයි. ඒ කිසිවක් රජුට හා පුරෝහිතයා ට නොතේරෙයි. හොරුන් කවුරුන්දැයි හෙළි කරන්න යැයි කියයි. අවසානයේ පදමානවක කුමරු සොරුන් වෙන කවරෙකු වත් නොව රජු හා පුරෝහිතයා බව දන්වයි. මෙයින් කෝපයට පත් ජනතාව පහර දීමෙන් ඒ දෙදෙනාම මරණයට පත් වෙයි. රැවටීමෙන් ජන උද්ඝෝෂණ වල යෙදෙන අවස්ථාවක් පිළිබදව උම්මග්ග ජාතකයෙහි දක්නට ලැබෙයි. චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අශ්වයා නතර කරන්නට ලනුව අදින විට දුවන ආකාරයට සෑදලය තනයි. අනතුරුව ඒ අශ්වයා දිව යන විට චූලනි බ්‍රහ්මදත්ත රජ පැන යනවෝයි උද්ඝෝෂණය කරයි. එවිට දැක්ක නොදැක්ක හැම දෙනා එකලෙස උද්ඝෝෂනය කරයි. අනෙක් රජවරු හා සේනාවෝ ද පැන යති.

 මහජන උද්ඝෝෂණ හට ගැනීමට හේතු, මහජන උද්ඝෝෂණයේ ස්වභාවය, හා එවන් අවස්ථාවල රජවරුන් කළ යුතු හා නොකළ යුතු දේ අපේ බුදුහාමුදුරුවෝ කූටදන්ත සූත්‍රයේ දී දක්වති. සම්පත් බෙදීමේ විෂමතාව පදනම් කොටගෙන කණ්ඩායම් ගැසී තන්හි තන්හි හොරකම, මිනී මැරීම, ආදි අපරාධ මෙන් ම මං මාවත් ළිං පොකුණු කඩා බිද දමමින් පොදු දේපල විනාශ කරමින් සාමාන්‍ය ජන ජීවිතයට හිරිහැර කර රජයට බලපෑම් කරයි. මේ තත්වය “ දස්සුඛීල ” නම් වෙයි. දාසයන්ගේ උල යන තේරුම යෙදුන ද මේ සදහා විවිධ අරුත් දෙයි. කණ්ඩායම් ගතව සොරකම් කිරීම, ත්‍රස්තවාදය, රජයට විරුද්ධ කැරැල්ල ආදි නම් වගේම විමුක්ති අරගලය යන නම් ද භාවිතා කරයි. මේ සදහා හොදම අර්ථය වන්නේ පීඩිත ජන අරගලය යන්නයි. ආර්ථික දුෂ්කරතා නිසා හට ගනියි.එය රජු මොවුන් අල්වා එසේ කරන්නේ ඇයි දැයි විමසූ කල ජීවත් වීමට ක්‍රමයක් නොමැති නිසා බව දක්වයි. ජීවත් වීම සදහා යමක් ලබා දීමෙන් මෙය විසදිය නොහැක. එවිට ලාභ ලැබීම උදෙසා මෙම තත්වයන් තව තවත් වැඩි වෙයි. එයින් අදහස් කරනුයේ සහනාධාර දීම නුසුදුසු බවයි. අප රට තුළ වුව ද සහනාධාර දීම අධික වෙයි. නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය, සමෘද්ධි සහනාධාර ආදි නොයෙක් සහනාධාර ක්‍රම වෙයි. සහනාධාර ක්‍රම යනු මිනිසුන් කම්මැලි කරන ක්‍රියාදාමයන් ය. සහනාධාර දීම මෙම ගැටළුවට විසදුම නොවෙයි. එසේම මෙසේ කරන අය තලා පෙළා දඩුවම් කොට හිරේ විලංගුවේ දැමීම ද මේ සදහා විසදුම් නොවෙයි. මේ සදහා විසදුම වන්නේ සියලු දෙනා යම් කාර්යයක නිරත කරවීමයි. ගොවිතැන් කිරීමට කැමති අයට ගොවි බිම්, බීජ, පොහොර ලබා දී ඔවුන්ගේ ඵලදාවට නිසි මිළක් ලබා දීම, වෙළදාම් කිරීමට කැමති අයට ඒ සදහා අවශ්‍ය ප්‍රාග්ධනය, වෙළද සැල් ආදි පහසුකම් සැපයීම, රාජ්‍ය සේවයට කැමති උදවියට ඒ සදහා අවස්ථා සැලසීම ආදි ක්‍රම වේද අනුගමනය කිරීම මෙන් ම සීල, සමාධි, ප්‍රඥා යන ශික්ෂණයෙන් යුතු සමාජයක් බිහි කිරීම මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වෙයි.

 අප සමාජය තුළ හට ගන්නා සියලු අර්බුදයන්ට විසදුම් බුදු දහම තුළ දක්නට ලැබෙයි. එහෙත් පවතින අවාසනාවන්ත තත්වය නම් රජුන් හෝ පුරවැසියන් හෝ මේ උතුම් දර්ශනයෙන් ප්‍රයෝජන නො ගැනීමයි. ඒ නිසා උතුම් මිනිස් ආත්මය ලැබ අප මෙලොව දුකින් පසුතැවිල්ලෙන් සිටිමින් නොදියුණුව ජීවත් වෙයි. එයින් පරලොව ද අවාසනා වන්ත කර ගනියි. විමුක්තිය බොහෝ ඈත් කර ගනියි. එහෙයින් මේ උතුම් දර්ශනය අනුගමනය කිරීම තුළින් ජීවිතයට සතුට ලබා ගත හැකිය.

 ඌවේ සියම් මහා නිකයේ මහා ලේඛකාධිකාරි,
 විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment