මහජන ආරක්ෂක ඇමති ඇතුළු නියෝජිත පිරිසක් කිරිවෙහෙරට

74

නීතිය සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සහ සිංගප්පූරු රාජ්‍යයේ නීතිය සහ ස්වදේශ කටයුතු ඇමැති සම්මුගම් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊයේ (11 දා) උදෑසන කතරගම පුදබිමට පැමිණියේය.

කතරගම පුදබිමට පැමිණි ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු නියෝජිත පිරිස පළමුව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු කිරිවෙහෙර චෛත්‍ය රාජාණන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.

සූරියවැව – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment