මහජන බැංකුවට හැට වසරයි

323

ශී‍්‍ර ලාංකීය මූල්‍ය ක්ෂේත‍්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට 60 වසරක් සපිරෙයි. සිය සයවන දශකය සපුරන මේ මොහොත වන විට ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ නවීන තාක්ෂණය මුසු සේවා රැුසක් හ`දුන්වාදීමට ඇපකැප වූ මහජන බැංකුව මහජනතාවගේ බැංකුව ලෙස ශී‍්‍ර ලාංකිකයින්ගේ හදවත් තුළ ගෞරවනීය ස්ථානයක් හිමිකරගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය, ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය හා ගැමි ජනතාව න`ගා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවීය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර, සමුපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ටී.බී. ඉලංගරත්න ශ‍්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප‍්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමුපකාර ක්ෂේත‍්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

ඉංග‍්‍රීසි, උගත් ඇති හැකි පැළැන්තියට පමණක් සීමාවී තිබුණු බැංකු ක‍්‍රමය දෙදරා යෑමට මුල පිරුණේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප‍්‍රතිඑලයක් ලෙස සිංහල හා දමිළ භාෂාවෙන් වැඩ කිරිම ආරම්භ කළ ප‍්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකිවිය.

එමෙන්ම මුල් අවධියේදී කෘෂිකර්මාන්තය, වතු ආර්ථිකය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ විදේශ විනිමය ඉපයීම සඳහා විවිධ ණය යෝජනා ක‍්‍රම රැුසක් හඳුන්වා දෙන ලදී. සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද ඒ සමගම රන් භාණ්ඩ උකස් සේවා කටයුතුවලට ද මහජන බැංකුව 1963 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව කි‍්‍රයාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන්භාණ්ඩ වෙළ`දපළ විධිමත් විය.

මේ වන විට මහජන බැංකුව රුපියල් ටි‍්‍රලියනයකට අධික වත්කම් ප‍්‍රමාණයකින් යුතු ශ‍්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයකි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 741 කි. එමෙන්ම දිවයින පුරා පිහිටා ඇති 250 කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් තුළින් වසරේ දින 365 පුරාම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මු`ඵ වසර පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප‍්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ. මෙම ගනුදෙනුකාර ප‍්‍රජාව වෙත ඉහළම සේවාවන් ලබාදීම සඳහා අට දහසකට අධික මහජන බැංකු කාර්ය මණ්ඩලය නිරන්තරයෙන්ම ඇපකැපවී සිටී.

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා,

‘ශී‍්‍ර ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1961 ජුලි 01 වැනිදා ස්ථාපිත කළ මහජන බැංකුව අද දින ඉමහත් අභිමානයෙන් යුතුව සිය 60 වැනි සංවත්සරය සමරනවා.

වගකිව යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවතී මෙරට සමාජ ආර්ථික ප‍්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවර ද සු`ඵ පටු නැහැ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගි, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත‍්‍රයන් ස`දහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වය ද සුඵපටු නැහැ.

එමෙන්ම රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව කි‍්‍රයාත්මක වන්නේ හුදු ලාභ ලැබීමේ අරමුණින්ම නොවේ. සිය සමාජ වගකීම මැනවින් වටහාගෙන තිබෙන මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව කොවිඞ්-19 අර්බුදයත් සමග ශී‍්‍ර ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දෙන මේ අවස්ථාවේදි ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගන්නට මහජන බැංකුව විශාල දායකත්වයක් ලබාදුන්නා.

ඉදිරියටත් අපේක්ෂා සපිරි ශී‍්‍ර ලාංකිකයින්ගේ බැංකුව ලෙස මහජන බැංකුව ඉදිරියටත් ඔබ සැමට වඩාත් කාර්යක්ෂමව මූල්‍ය පහසුකම් පිරිනැමීමට සැදී පැහැදී සිටිනවා.

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ‘මහජන බැංකුවේ ආරම්භයත් සම`ග ඉංගි‍්‍රසි උගත් ඇති හැකි අයට පමණක් සීමාවී තිබූ බැංකු ක‍්‍රමය පොදු මහජනතාවට විවෘත වුණා.

එතැන් සිට දශක හයක් පුරා මහජන බැංකුව තම නිෂ්පාදන හා සේවා කළඹ පුළුල් කරමින් අපේක්ෂා සපිරි ශී‍්‍ර ලාංකිකයින්ව මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වූවා. එමෙන්ම රටේ සමාජ ආර්ථික සංවර්ධනයටත් මහජන බැංකුව ලබාදෙන්නේ විශාල සහයෝගයක්.

මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට නවීන තාක්ෂණයේ බැංකු සහ මුල්‍ය ක්ෂේත‍්‍රයේ නව මුල්‍ය ප‍්‍රවණතා හැකියා හඳුන්වාදෙමින් උසස් ගනුදෙනුකාර අත්දැකීමක් ඔවුන් වෙතට සමීප කිරීම කටයුතු කරනවා. ඉදිරියටත් නව ලොව ප‍්‍රවණතා සම`ග යමින් නවීනතම බැංකුකරණ අත්දැකීම් ජනතාව වෙත සමීප කිරීමට අප පෙරමුණ ගන්නා බව කියන්න කැමතියි.’

විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත‍්‍රයන්හි නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැලපෙන පරිදි සන්නම් නාම ගතකරන ගිණුම් හඳුන්වාදීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක‍්‍රම දියත් කරමින් තම

ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබාදීමට ද මහජන බැංකුව ක‍්‍රියාකරයි. පුද්ගල ණය පහසුකම්, නිවාස ණය පහසුකම්, වෘත්තීය ණය පහසුකම්, අධ්‍යාපනික ණය පහසුකම්, රථවාහන ණය මේ අතරින් විශේෂය. එමෙන්ම ගොවි ජනතාව, ධීවර ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් න`ගා සිටුවීම සඳහා විවිධ ණය යෝජනා ක‍්‍රම රැුසක් ද හඳුන්වා දී ඇත.

එමෙන්ම මහජන බැංකුව, නව ලොවට ගැලපෙන පරිදි සිය ගනුදෙනුකාර භවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරිමේ අරමුණින් 2015 වසරේදි ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී. ඒ අනුව බැංකුවේ පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා සියලූ මෙහෙයුම් අංශ ඇතුළත් වන පරිදි සමස්ත මෙහෙයුම් ආකෘතියම ආවරණය කරමින් අංග සම්පූර්ණ ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත් දිවයිනේ ප‍්‍රථම බැංකුකරණ ආයතනය වන්නේ මහජන බැංකුවයි.

මෙමගින් මහජන බැංකුවට ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පරිණාමයට සමගාමීව ඉහළම තලයේ සේවාවන් සැලසීමේ හැකියාව සැලසෙන අතර, දැනට ලොව පවතින දියුණුතම තාක්ෂණික පදනමක් සිය ඩිජිටල්කරණ ක‍්‍රියාවලිය ස`දහා මහජන බැංකුව උපයෝගී කරගෙන තිබේ.

මෙම ඩිජිටල් පරිවර්තන ක‍්‍රියාවලියේ ප‍්‍රධාන නිපැයුම්වලින් එකක් වන “People’s Wiz” උස‘, නිමැයුම විසින් බැංකුවක් වෙත ගොස් ගිණුමක් විවෘත කිරීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදය නව වෙනසකට බ`දුන් කරන ලද අතර  “People’s Wiz”  උස‘, නිමැයුම තුළින් කඩදාසි භාවිතයකින් තොරව ඩිජිටල් තාක්ෂණයෙන් බැංකු ගිණුමක් විනාඩි 10 වැනි සුළු වේලාවකින් විවෘත කිරිමේ හැකියාව සලසා තිබේ.

මෙම ඩිජිටල්කරණ කි‍්‍රයාවලිය යටතේ බැංකු සේවාවන් දවසේ ඕනෑම වේලාවක ශාඛාවන් වෙත නොගොස් තම ජංගම දුරකතනය පමණක් භාවිතයෙන් සිදු කර ගැනීමට හැකියාව සලසමින් මහජන බැංකුව People’s Wave Mobile Banking App පහසුකම හ`දුන්වා දුන් අතර, එය රටේ වැඩියෙන්ම බාගත කළ මූල්‍ය සේවා යෙදවුමක් බවට පත්ව ඇත.

එමෙන්ම මහජන බැංකුව සිය ඩිජිටල්කරණ කි‍්‍රයාවලියේ ප‍්‍රධාන නිමැවුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය 24ක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit  හ`දුන්වා දෙන ලදිග

මීට අමතරව People’s Wyn නමින් ආයතනික ගනුදෙනුකරුවන් සඳහාම මහජන බැංකුව විශේෂයෙන් ජංගම දුරකථන යෙදවුමක් හ`දුන්වා දී ඇත. එමෙන්ම People’s Web නමින් අන්තර්ජාල බැංකු පහසුකම වන මෙය 2018 වසරේදී හඳුන්වා දුන්නේය. මෙම පහසුකම පුද්ගල කේන්ද්‍රිය ගනුදෙනුකරුවන් සදහා People’s Web Personal සහ ආයතනික ගනුදෙනුකරුවන් සදහා People’s Web Corporate යනුවෙන් දෙයාකාර වේ.

එමෙන්ම වගකිව යුතු මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළ`ගාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse” නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප‍්‍රතිපත්තියක් ද කි‍්‍රයාවට නංවයි.

මහජන බැංකුවේ විශිෂ්ටත්වය නිරතුරුවම දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා නීල්සන් ආයතනය එක්ව පිරිනමන ජනතා සම්මාන පිට පිටම වසර 15 ක් පුරා දිනා ගැනීමට ද මහජන බැංකුවට හැකිවිය. අන්තර්ජාතික ප‍්‍රමිතිකරණ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ ISO/IEC 27001:2013 තත්ත්වයෙන් පිදුම්ලත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහ එකම රාජ්‍ය බැංකුව වන්නේද මහජන බැංකුවයි.

එමෙන්ම මහජන බැංකුව මෙතෙක් පැමිණි ගමනේදී තවත් ජාත්‍යන්තර සම්මාන ගණනාවක් හිමි කරගෙන තිබේ. විශේෂයෙන් පසුගිය වසර කිහිපයෙදී පමණක් Asian Banker Excellence in Retail Financial Services Awards, Asia Money Best Bank, World Finance, International Business Magazine ආදි සම්මාන උළෙලයන්හි මහජන බැංකුවේ විශිෂ්ටත්වය සම්මානයට පාත‍්‍රාවිය. මීට අමතරව  The Banker Magazine විසින් 2020, 2019 හා 2018 වසරවලදී මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට නම් කිරීම කෙරුණු අතර, ශ‍්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) හා Daily FT පුවත්පත විසින් 2018, 2019 සහ 2020 වර්ෂයන්හිදී අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත් වූ ආයතන 10 අතරට මහජන බැංකුව ඇතුළත් කරන ලදි.

පුුරා හැට වසරක් සියලූ ශී‍්‍ර ලාංකිකයින් සවිබල ගැන්වූවා සේම ඉදිරියටත් ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය බැංකු විසඳුම් සපයමින්, ඔවුන්ගේ ජීවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, මහජනතාවගේ බැංකුව ලෙස මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ ඉහළම ස්ථානයක වැජඹීම මහජන බැංකුවේ අපේක්ෂාවයි.

මහජන බැංකුවට හැට වසරයි
advertistmentadvertistment
advertistmentadvertistment