මහජන බැංකුවේ ජාත්‍යන්තර බැංකු අංශයේ වෙළෙඳ සේවා ඒකකයට SLS ISO 9001:2015 තත්ත්ව සහතිකය නැවත වරක් හිමිවේ

52

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) පිරිනමන SLS ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් මහජන බැංකුවේ ජාත්‍යන්තර බැංකු අංශය – වෙළෙඳ සේවා ඒකකය සිව්වන වරටත් පිදුම් ලබයි.

මේ සමඟ උසස් තත්ත්වයේ වෙළඳ සේවාවන් පිරිනැමීම සහ සිය ගනුදෙනුකරුවන්ගේ ආනයන අපනයන සේවාවන්හි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම වෙනුවෙන් මහජන බැංකුව දක්වන කැපවීම වඩාත් තහවුරු වේ.

මහජන බැංකුවේ වෙළඳ සේවා දෙපාර්තමේන්තුව විසින් ශාඛා හා සේවා මධ්‍යස්ථාන 747 වෙනුවෙන් මධ්‍යගත සැකසුම් යාන්ත්‍රණයක සේවාව සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි. මිලියන 15.2 කට අධික ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනු කටයුතු පහසු කරන සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි පද්ධතියක් මහජන බැංකුව සතුය.

මහජන බැංකුවේ ජාත්‍යන්තර බැංකු අංශයේ වෙළෙඳ සේවා ඒකකය 2013 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) තත්ත්ව සහතිකය හිමිකරගන්නා ලදි. එමෙන්ම SLS/ISO 9001(2008) සහ 9001(2015) ප්‍රමිතිකරණයන් සඳහා වන අවශ්‍යතා සපුරාලීමෙන් පසු 2016, 2018 සහ 2022 වසරවලදී නැවත වරක් ප්‍රමිති සහතිකය ලබාගන්නා ලදි. 2024 වසරේදි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙම අංශය විගණනය කරන ලද අතර, ඒ අනුව අඛණ්ඩව සිව්වන වරටත් මෙම තත්ත්ව සහතිකය පිරිනැමිණි.


advertistmentadvertistment