මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (භාණ්ඩාගාර, ආයෝජන බැංකු සහ මූල්‍ය ආයතන) ශමීලා සේනාරත්න ලොකුකලුගේ මහත්මිය
මහජන බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුව ක්‍රියාත්මක කළ BASEL III ස්ථර 2, ලැයිස්තුගත නොකළ, ශ්‍රේණිගත කළ, සුරැකුම් රහිත අගය කල්පීරිමේදී ලබාගත හැකි ණයකර නිකුතුව රුපියල් බිලියන 10 කට අධික ප්‍රමාණයක් රැස්කර ගනිමින් සාර්ථකව අවසන් කරන ලදි.
මෙම ණයකර නිකුතුව හරහා රැස් කරන ලද මුදල මඟින් බැංකුවේ ස්ථර 2 ප්රාග්ධනය වර්ධනය වන අතර, බැංකුවේ ශක්තිමත් මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. BASEL III නිර්ණායක වලට අනුකූලව නිකුත් කරන ලද මෙම ණයකර වල ස්වභාවය මෙන්ම මධ්‍යම හා දිගු කාලීන කාලසීමාවන් හේතුවෙන් බැංකුවට එහි නියාමන ප්‍රාග්ධන සුරක්ෂිතභාවය වර්තමාන මට්ටම් වලින් තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව ලැබෙන අතර, එමඟින් තම ණය දිමේ හැකියාව පුළුල් කරගැනීමට අවස්ථාව සැලසේ.
මෙම ණයකර නිකුතුවෙන් ලැබෙන අරමුදල් විවිධ ණය යෝජනා ක්‍රම හරහා ණය පහසුකම් පිරිනැමීම සඳහා යොදා ගැනීම බැංකුවේ අපේක්ෂාවයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘වසර අවසන් වන විට බැංකුවේ නුබුන්වත්භාවය/ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය මෙතෙක් බැංකුව විසින් වාර්තා කළ ඉහළම මට්ටම දක්වා ගෙන යාමට මෙම ණයකර නිකුතුව ඉවහල් වනු ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පද්ධතිමය වශයෙන් වැදගත් දේශීය බැංකු සඳහා නියම කර ඇති අවම අවශ්‍යතා මට්ටම වන 13.5%ට වඩා බෙහෙවින් ඉහළ අගයකි. මෙම ණයකර නිකුතුව සඳහා ආයෝජකයින්ගෙන් අපට ලැබුණු ඉමහත් ප්‍රතිචාරය, ඔවුන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ ප්‍රබල සහතිකයක් වන අතර, අප අපේක්ෂා කරන වර්ධන සැලසුම් සමඟ ඉදිරියට යාමට එය අපට උපකාරී වනු නිසැකය’
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (භාණ්ඩාගාර, ආයෝජන බැංකු සහ මූල්‍ය ආයතන) ශමීලා සේනාරත්න ලොකුකලුගේ මහත්මිය ‘සෑම ණයකර නිකුතුවක්ම සාර්ථක කර ගැනීමට අප සමඟ සිටින අපගේ ගෞරවාන්විත ආයෝජකයින්ට අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳ අපගේ අවංක ස්තුතිය පුදකරනවා’
මෙම ණයකර නිකුතුවේ කළමනාකරුවන් ලෙස මහජන බැංකුවේ ආයෝජන බැංකු ඒකකය (PBIBU) කටයුතු කරන ලදි. මෙම ණය ඒකකය රටේ සහ එහි ප්‍රාග්ධන වෙළඳපොලේ (ණය සහ කොටස්) වේගවත් වර්ධනය සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා බැංකුවේ භාණ්ඩාගාර ඒකකයේ කොටසක් ලෙස ස්ථාපිත කරන ලදි. තවද මෙම ඒකකය මඟින් මූල්‍ය සහ උපදේශන සේවා, ණය සහ කොටස් ප්‍රාථමික නිකුතුවන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, භාරකාර සේවා සහ සුරැකුම්කරණය ඇතු`ඵ පුළුල් පරාසයක විහිදුනු සේවාවන් රැසක් පිරිනමයි.