මහජන බැංකුවේ තඹාල ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා එහි ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
තඹාල, අල්හිලල්පුර, අංක 110 දරණ ස්ථානයේ විවෘත කෙරුණු මෙම නව ශාඛාව අති නවින තාක්ෂණයෙන් සහ වඩාත් සුව පහසුකම් රැසකින් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍රය තුළින් මුදල් ආපසු ගැනීමේ පහසුකම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්වි`දිය හැක. මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්,අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන යන මහත්වරුන්, පොළොන්නරුව ප‍්‍රාදේශිය කළමනාකාරිනි ඉ`දුමිණි රත්නායක මහත්මිය, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර එච්. ජී. එන්. ආරෝහණ, තඹාල ශාඛා කළමනාකාර ඒ. එච්. ටී. ජී. බණ්ඩාර යන මහත්වරුන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ. මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා නව ශාඛාව විවෘත කළ අවස්ථාව සහ පළමු තැන්පතුව භාරගත් ඡායාරූපවලින් දැක්වේ.
