Havelock City Mall වෙළෙඳ සංකිර්ණය සිය පළමු සංවත්සරය සැමරිම වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ නිල බැංකුකරු ලෙස මහජන බැංකුව කටයුතු කරන අතර, ඒ වෙනුවෙන් පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ වට්ටම් හා දීමනා රැසක් පිරිනැමේ.

ඒ අනුව, මේ යටතේ Havelock City Mall හි වෙළෙඳ ආයතන 65කින් 50% දක්වා වට්ටම් පිරිනැමෙයි. මීට අමතරව තෝරාගත් වෙළෙඳසැල් වලින් පොලී රහිත පහසු ගෙවීමේ වාරික සැලසුම්ද ලබාගත හැක.

මෙම වෙළෙඳ සංකීර්ණයේ මහජන බැංකුවේ ප්‍රවර්ධන කුටියක් ද ස්ථාපිත කර ඇති අතර, මේ සඳහා ජනතාවගේ ඉහළ ප්‍රතිචාරයක් හිමි විය. මෙහිදි අයදුම්කරන ක්‍රෙඩිට් කාඩ්පත්, ඇතුළත් වීමේ ගාස්තු වලින් සහ හා පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු වලින් නිදහස් වීම විශේෂත්වයකි.

මෙම වැඩසටහන 2024 ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, Havelock City Mall වෙත පැමිණ මෙම සුවිශේෂ දිමනා අත්විඳිනා මෙන් මහජන බැංකුව ඔබ සැමට ආරාධනා කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment