මහජන බැංකුවේ බෞද්ධ සංගමයෙන් වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුලකට නව නිවසක්

93

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් එහි බෞද්ධ සංගමය දියත් කරන නිවාස ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස වවුනියාව, මුන්ඩිමුරුප්පු ග‍්‍රාමයේ පදිංචි දීපිකා සංජීවනී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස ඇය වෙත භාරදීම මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු සහ ආරක්ෂක සේවා මූලස්ථානය (වන්නි* ආඥාපති මේජර් ජෙනරල් ඞී. එම්. එච්. ඞී. බණ්ඩාර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

 වවුනියාව, ඊච්චන්කුලම් 562 පාබල බලසේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදි මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් සහ මූල්‍යමය දායකත්වයෙන් මෙම නව නිවස ඉදිකරන ලදී. වවුනියා 562 ශී‍්‍ර ලංකා යුද හමුදා පාබල බලසේනා මූලස්ථානය මේ ස`දහා ශ‍්‍රම දායකත්වය ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment