මහජන බැංකුවේ විස්සයි – 20 ශූරතාව K.G. P. දිනයි

21

මහජන බැංකු ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි අභියෝගතා T – 20 ලීග් ක්‍රිකට් තරගාවලිය මඩකළපුව, කොඩ්ඩිමුනේ ක්‍රීඩා ගම්මානයේදී පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට K.G.P. Fighters කණ්ඩායම සමත්විය. මෙහි අනුශූරතාව Dumbara Strikers කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

මෙම ලීග් තරගාවලිය දින අටක් පුරාවට පැවැති අතර, කණ්ඩායම් 08ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදිණි. අවසන් මහා තරගය ද ඇතුළුව තරග 16කින් සමන්විතව පැවැති මෙම තරගාවලියට මහජන බැංකු කාර්යමණ්ඩලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් 120 දෙනකු සහභාගි විය.

මෙහි අවසන් මහා තරගය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශූරතාවය – K.G.P. Fighters, අනුශූරතාවය – Dumbara Strikers, තෙවන ස්ථානය – PB Gladiators, සිව්වන ස්ථානය – Colombo challengers , දක්ෂතම පිතිකරු – සහන් හර්ෂණ – K.G.P. Fighters, දක්ෂතම පන්දු යවන්නා – නිපුන් හන්සක – PB Gladiators දිනා ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment