මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් උඩිස්පත්තුවට

34

මහජන බැංකුවේ උඩිස්පත්තුව ස්වයං බැංකුකරණ ඒකකය විවෘත කරන අයුරු

උඩිස්පත්තුව ප‍්‍රදේශයේ ජනතාවට අති නවීන බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් (Self Banking unit) පසුගියදා මැදදුම්බර ප‍්‍රාදේශිය සභා පොළ ගොඩනැගිල්ලේදි විවෘත කෙරිණි.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය, (Self Banking unit) ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයකින් (ATM), මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් (CDM) සමන්විතය. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මු`ඵ වසර පුරාම වඩාත් පහසු, සහ කාර්යක්ෂම ඩිජිටල් බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම අවස්ථාවට උඩිස්පත්තුව ශී‍්‍ර වීරසේකරාරාම විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශී‍්‍ර ශාසන විභුෂන පූජ්‍ය උඩිස්පත්තුවේ ධම්මවංශ හිමි, උඩිස්පත්තුව ශී‍්‍ර සාලරුක්ඛාරාම විහාරවාසී ශාස්ත‍්‍රපති දැහැමිගම දේවමිත්ත හිමි, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ගරු අජිත් නිවාඞ් කබ්රාල් මැතිතුමාගේ සම්බන්ධිකරණ ලේකම් නුවන් ප‍්‍රදීප් දිසානායක, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද පේ‍්‍රමනාත්, අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන, මැද දුම්බර ප‍්‍රාදේශිය සභාවේ සභාපති අශෝක සමරකෝන්, මැද දුම්බර ප‍්‍රාදේශීය ලේකම් එ්.එම්. වික‍්‍රමාරච්චි, මහනුවර ප‍්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන්, තෙල්දෙණිය ශාඛා කළමනාකාර එස්.බී.එස්.කේ ප‍්‍රියදර්ශන යන මහත්වරුන්ද සහභාගී වූහ. මෙය වර්තමානයේ පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය මත රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකුලව විවෘත කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment