මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිලි පරිශ්‍රයේ විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙහිදි සුබ මොහොතින් නව ගනුදෙනුකාර තැන්පතු භාරගත් අතර, ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය පිරිනැමීමද සිදුකෙරිණි.
මහජන බැංකුවේ ගම්පහ ශාඛාවට අනුබද්ධිත මෙම නවතම සේවා මධ්‍යස්ථානය අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවන්ගෙන් සමන්විතය.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර ජී.ආර්.එස්. කෝදාගොඩ, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි යූ.ඒ.එල්. ශ්‍රීමති, ගම්පහ ශාඛා කළමනාකාර ලසන්ත රණතුංග, සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි චායා අන්ද්‍රාදි යන මහත්ම මහත්මින් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරින්, විශ්‍රාමික කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.