මහජන බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ ලබාදීමට ඩයලොග් ආසිආටා සමඟ එක් වෙයි

119

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන මහජන බැංකුව සහ මෙරට අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා සිටින මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වැඩි ඉතිරියක් හා නවීන තාක්ෂණය අත්විඳීමේ අවස්ථාව පිරිනමින් සුවිශේෂ වට්ටම් ලබාදීම සඳහා සහයෝගිතාවයකට එළඹ ඇත.

මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට 2024 ජූලි 26 වැනි දින සිට ඇරඹෙන ප්‍රවර්ධන කාලසීමාව තුළ ඉතා පහසුවෙන් මෙම අත්‍යාවශ්‍ය ඩිජිටල් සේවාවන් පිරිනැමීමට අවස්ථාව සලසමින් ඔවුන්ගේ ඩිජිටල් ප්‍රවේශ හැකියාව වැඩි දියුණු කරන ජංගම දුරකතන, උපාංග, ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සහ ඩයලොග් ටෙලිවිෂන් සේවා සඳහා ආකර්ෂණීය වට්ටම් ලබාදීම මෙම සහයෝගිතාවයේ අරමුණයි.

මේ පිළිබඳ දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ‘අපගේ ගනුදෙනුකරුවන්ට, දැරිය හැකි මිලකට නවීන තාක්‍ෂණය වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදීමට හැකිවීම ගැන අප සතුටට පත්වන අතර, ඩයලොග් සමඟ මෙම නව හවුල්කාරීත්වයට එළඹීම තුළින් ගනුදෙනුකරුවන්ට අසමසම වටිනාකමක් සහ සුවපහසුවක් හිමිවනු ඇති. මෙය ගනුදෙනුකාර අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වන අපගේ ඇති කැපවීම පිළිබඳ හොඳම සාක්ෂියක් වනවා’ ‍යනුවෙන් සඳහන් කළේය.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ‘ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට දැරිය හැකි මිලකට නවීන ඩිජිටල් පහසුකම් අත්විඳීමේ අවස්ථාව ලබාදීම සඳහා මහජන බැංකුව සමඟ අත්වැල් බැඳගැනීමට හැකියාව ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වන අතර, පහසු මිලකට නවීන තාක්‍ෂණය වෙත වඩාත් සරලව ප්‍රවේශ වීමේ අවස්ථාව සියල්ලන්ටම ලබාදීම සඳහා අපගේ ඇති කැපවීම මෙම සහයෝගීතාව තුළින් පිළිබිඹු වනවා’ යනුවෙන් ප්‍රකාශ කළේය.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, කාඩ්පත් ප්‍රධානි – ජයනාත් ඩයස්, කාඩ්පත් ව්‍යාපාර සහ අලෙවි කළමනාකරු – අරුණ දන්තනාරායන, කාඩ්පත් ව්‍යාපාර සහ නිෂ්පාදන කළමනාකරු චලනි සේනානායක යන මහජන බැංකු කණ්ඩායම, ඩයලොග් ආසිආටා අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ, උපසභාපති/ මෙහෙයුම් හා වර්ධන ප්‍රධානි තිසර කස්තුරිආරච්චි, උපාංග ව්‍යාපාර අංශයේ වර්ධන හා මෙහෙයුම් ප්‍රධානි දේශාන් විජේවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ආසිආටා පීඑල්සි හි කණ්ඩායම සමඟ අදාළ ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූයෙන් දැක්වේ .

advertistmentadvertistment
advertistmentadvertistment