LMD සඟරාවේ 30 වැනි සංවත්සරය සමරමින් සංවිධානය කළ LMD සම්මාන රාත්‍රිය 2024 පසුගියදා පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රමුඛ පෙළේ ආයතන 25 ඇගයීමට ලක් කෙරිණි.
මෙහිදී මහජන බැංකුවද බැංකු ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථික ක්ෂේත්‍රයට ලබාදුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන 25 අතරට එක්ව සම්මානයට පාත්‍රවිය.
පසුගිය දශක තුන තුළ Brands Annual, LMD 100 ඇතුළු LMD විශේෂ ප්‍රකාශනවල ඇතුළත් වූ සම්මානලාභී හා ගෞරවනීය ප්‍රමුඛ පෙළේ ආයතනයන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පැවැත්විණි.
මහජන බැංකුව, ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 750 ක් සහ මිලියන 15.2කට අධික ගනුදෙනුකාර පදනමක් සහිතව රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන භූමිකාවක් අඛණ්ඩව ඉටුකරමින් සිටී. එමෙන්ම දිනයේ පැය විසිහතරම පුරාම බැංකු සේවා අඛණ්ඩව ලබාදීම වෙනුවෙන් දිවයින පුරාම ස්වයං බැංකුකරණ ඒකක 300කට අධික සංඛ්‍යාවක්ද ස්ථාපිත කර ඇත. ඩිජිටල් බැංකුකරණ ගනුදෙනුකරුවන් 3,000,000කට අධික සංඛ්‍යාවක් සමග ඩිජිටල් බැංකු ක්ෂේත්‍රය තුළද මහජන බැංකුව සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට සමත්ව තිබීම විශේෂත්වයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ශ්‍රී ලංකාවේ ඉහළම ආයතනයන් අතර පිළිගැනීමට ලක්වීම අපට මහත් ගෞරවයක්. අපගේ ගනුදෙනුකරුවන්ට උසස් සේවාවක් ලබාදීම සහ බැංකු ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සඳහා වන අපගේ නොපසුබට කැපවීම මෙම සම්මානය තුළින් යළිත් පිළිබිඹු වනවා. අපගේ සේවාවන් ඉදිරියටත් අඛණ්ඩව ව්‍යාප්ත කිරීමේදි, ගනුදෙනුකාර පහසුකම් වැඩිදියුණු කිරිම සහ දිනෙන් දින වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම කෙරෙහි අපගේ වැඩි අවධානය යොමුකරනවා.’
ශ්‍රී ලංකාවේ මාස්ටර් කාඩ් දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා අතින් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන මහතා සම්මානය හිමිකරගන්නා අයුරු- මීඩියා සර්විසස් හි කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රයන් එමානුවෙල් සහ සාමාන්‍යාධිකාරී (අලෙවි) ෆ්‍රෑන්ක් ගේබ්‍රියෙල් යන මහත්වරු ඡායාරූපයේ – වෙති.