මහජන සම්පත පන්දහස් වන දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට්පත ජනපතිට

45

මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම ඊයේ (24 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය. ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී. පෙරේරා මහතා විසින් ටිකට්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිනි ජයසේකර, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් වන ඩී. ඩී. ජයසිරි, නීතිඥ අසංක රන්දෙනිය, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවි) මෙනුර චතුරංග, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) සුනෙත් ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment