මහත්තයා යාචක අන්කල්ගෙන් ණයක් ඉල්ලගෙන!

694

ජොන්සන් මහත්තයා රාජකාරි කරන්නෙ කොළඹ ප‍්‍රසිද්ධ සමාගමක. හවසට අඩියක් ගහලා ඒ දවසට සමුදීම ඔහුගෙ පුරුද්දක් බවට පත්වුණේ කාලයත් සමගයි.

මේ දවස්වල අප කොයි කාටත් ජීවත්වීම අන්තිම අමාරුයි. ජොන්සන් මහත්තයටත් ඒ ආර්ථික අමාරුකම් වැඩියෙන් දැනුණේ අඩි ගහන්නත් මුදලක් වැයවන නිසාය.

ඊයේ පෙරේදා දිනක ජොන්සන් මහත්තයා වැඩට ගියේ බිරිඳගෙන් ඉල්ලාගත් බස් වියදම පමණක් සාක්කුවේ දමාගෙනය. හවස්වරුව ළංවන විට කීයක් හෝ ඉල්ල

ගන්නට ඔහු මිතුරන්ට කිට්ටු වුණේ ඉබේටය.

‘මචං, මගේ ගාවත් සල්ලි නෑ බන්. වරෙන්කො යන්න.’ මිතුරා ජොන්සන්ව රැුගෙන ගියේ කන්තෝරුව ළඟ පිහිටි බාර් එකටය. පොඩි ෂොට් දෙකක් දාගත් දෙදෙනා වෙන්ව ගියේ හෙට හමුවෙමු කියමිනි.

ජොන්සන් මහත්තයගේ හිතට හරි මදිකමකි. පදමට වෙරි නොවී ගෙදර යන්නට හිත් දුන්නේම නැත.

කොටුව ස්ටේසමට පැමිණි ඔහු, වටපිට බැලූවේ නිකමටය.

‘ආ සෑර්… යන ගමන්ද’ නිතර දකින යාචක අන්කල් කතා කළේ ඒ දන්නා අඳුනන කමටය. අත මිට තියන හැමවිට ඒ යාචක අන්කල්ට ලෝභ නැතුව පනහ සීය දුන් ජොන්සන් මහත්තයා ඒ යාචකයාට වඩා අද හිඟන මට්ටමකට ඇද වැටී හමාරය.

අන්කල්, රුපියල් පන්සීයක් ණයට ගන්න පුළුවන්ද? පඩි ගත්ත ගමන් දෙන්නම්… ජොන්සන් මහත්තයා කතාව අවසන් කරන්නත් පෙර පන්සීය ලැබිණි. යාචක

අන්කල්ගෙන් රුපියල් පන්සීය අතට ගත් මහත්තයා කෙළින්ම ගියේ පදම හරි ගස්සා ගන්නටය. අද මහත්තුරුන්ට අත්වී ඇති ඉරණම ගැන කල්පනා කරමින් ජොන්සන් මහත්තයා ගෙදර ගියේ සමස්ත දේශපාලකයින්ටම අමු තිත්ත කුණුහරුපෙන් බැන වදිමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment