මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

121

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරෙහි අවසාන කුඹල් පෙරහැර අද (17 දා) රාත‍්‍රි වීදි සංචාරය කරයි.

කොවිඞ් සෞඛ්‍ය උපදෙස් අනුව ජන සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන අවසන් රාත‍්‍රී කුඹල් පෙරහැර අද රාත‍්‍රි 07.05 ට ශ‍්‍රී දළදා මාළිගාව අබියසින් පිටත්වන බව දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිවේදනය කර තිබේ.

දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර රාත‍්‍රි 10.00 ට පමණ ගෙවදීමට නියමිතය.

ආරක්‍ෂක හමුදාව සහ පොලිසිය පෙරහැර සඳහා ආරක්‍ෂාව සපයයි.

සිරිල් විමලසුරේන්ද්‍ර
 


advertistmentadvertistment