මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටියේ ක්‍රීඩාව යනු ජය, පරාජය, සතුට, කඳුළු මුසු වූ සුන්දර අත්දැකීම්වල එකතුවක් බවත්, ක්‍රීඩා කරනුයේ දිනන්නට ම පමණක් නොවන අතර ක්‍රීඩාවේදී ලබාගන්නා මෙවැනි අත්දැකීම් සාමාන්‍ය ජීවිතයේ දී ප්‍රගුණ වීමෙන් මහා පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියන් පිරිසක් බිහි වීමට හේතු වන බව ද ආණ්ඩුකාරවරයා පැවසීය.
මෙහිදී මධ්‍යම පළාත නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් පළාතට ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසක් ඇගයීමට ලක් කෙරුණු අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර චෙස් තරගාවලිවලින් ජයග්‍රහණය ලබාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා සම්මාන පිරිනැමීම සිදුකරන ලදී. එහි දී වසරේ හොඳම චෙස් ක්‍රීඩකයා ලෙස ඉසුරු අලහකෝන් මහතාත්, ක්‍රීඩිකාව ලෙස ජනන්දනි අබේසිංහ මහත්මියත්, වසරේ හොඳම පාසල් චෙස් ක්‍රීඩකයා ලෙස ශ්‍රී චන්දානන්ද බෞද්ධ විiාලයේ දිෂාල් වීරසේකර සිසු දරුවාත්, ක්‍රීඩිකාව ලෙස මහනුවර උසස් බාලිකා විiාලයේ ප්‍රශංසා ප්‍රේමනාත් සිසුවියත් සම්මාන ලැබීය.
මෙම උත්සව අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්යක්ෂ ආර්. තිලකෙශ්වරී, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා චෙස් සංගමයේ ලේකම් කනිෂ්ඨ වැලිපිටිය, ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපතිනි මහේෂිකා රූපසිංහ, මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමයේ සභාපති ආර්. කළුගම්පාය ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.