මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර අද

198

මහනුවර වාර්ෂික පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (09දා) වීථි සංචාරය කරයි.

ශ්‍රී දළදා මාළිගාවේ මහා වාහල්කඩ ඉදිරිපිටින් රාත්‍රී 7.36ට පිටත්වන පෙරහැර දළදා වීදිය, ඊ. එල්. සේනානායක වීථිය, හරස් වීථිය සහ ඩී. එස්. සේනානායක වීථියේ ගමන්කර රජ වීථියෙන් ගෙවදියි.

හෙට 10දා සහ අනිද්දා 11දා දෙදින අවසන් රන්දෝලි පෙරහැර දෙක වීථි සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත් කළ පෙරහැර නිවේදනයේ සඳහන් වෙයි.

සිරිල් විමලසුරේන්ද්‍ර


advertistmentadvertistment