මහනුවර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ලාබාල හා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා හඳුනා ගැනීම හා ඔවුන් ඇගයීමට ලක් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලිය අද (20 වැනිදා) අවසන් වේ. මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ. මෙවර තරගාවලිය අවස්ථා කිහිපයකදීම කල් දමන්නට සිදු වූයේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බව මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සනත් වීරවර්ධන මහතා පැවසීය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර