මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයට ද්විත්ව ශූරතා

30

සමස්ත ලංකා පාසල් මේස පන්දු තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් මේස පන්දු සංගමය මගින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් මේස පන්දු තරගාවලියේ දී ද්විත්ව ශූරතා හිමිකර ගැනීමට මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය සමත් විය.

මෙම තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම් අංශය නියෝජනය කරමින් බී හා සී කාණ්ඩයන් දෙකෙහිම ශූරතාවයන් දිනා ගැනීමට යහපත් එඬේරාගේ කන්‍යාරාමය සමත් වුවාය. ජයග්‍රාහි 19න් පහළ බී කණ්ඩායම නියෝජනය කරමින් එම්. උඩුනුවර, අමාෂා ෆොන්සේකා, පිනිති වීරකෝන්, දිනුජි ද සිල්වා ද, සී කණ්ඩායම නියෝජනය කරමින් සමින්දි වීරසුරිය, සනාලි තෙන්නකෝන්, ආර්. ආනොල්ඩා, එස්. කොඩිතුවක්කු යන ක්‍රීඩිකාවන් ඇතුළත් විය.

මෙම තරගාවලිය පසුගියදා මහනුවර නාගරික ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන


advertistmentadvertistment