මහනුවර සිව්වැනි රන්දෝලි පෙරහැර අද – අවසන් මහා පෙරහැර හෙට

205

මහනුවර වාර්ෂික දළදා පෙරහැරේ සිව්වැනි රන්දෝලි පෙරහැර අද (21 දා) රාතී‍්‍ර වීදි සංචාරය කරයි.

හෙට 22 වැනිදා ඉරු දින රාතී‍්‍ර ‘මහ පෙරහැර’ නම් වූ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරයි.

අද සෙනසුරාදා රාතී‍්‍ර 06 පසු වී මිනිත්තු 57ට ශී‍්‍ර දළදා මාලිගාව ඉදිරිපිටින් දකුණු දිශාව බලා පෙරහැර පිටත් වන බව දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග මහතා විසින් පෙරහැර නිවේදනයෙන් පවසා තිබේ.

දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ඞී. එස්. සේනානායක වීදිය සහ රජවීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර ගෙවැදීමට නියමිතයි.

හෙට ඉරු දින රාති‍්‍රයේ පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැර දළදා විදීය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඞී. එස්. සේනානායක වීදිය සහ රජවීදිය ඔස්සේ ගමන් කර ගෙවැදී සඳුදා (23 දා) උදෑසන ගැටඹේ තොටේදී චාරිත‍්‍රානුකූලව දිය කැපුම් මංගල්‍යයෙන් පසුව දවල් පෙරහැර පවත්වා දියවඩන නිලමේ ප‍්‍රධාන බස්නායක නිලමේවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරහැර සංදේශය පිළිගන්වති.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment