මහපොළ පනත සංශෝධනයට

248

මහපොළ භාර අරමුදලේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරයකු පත්කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් එක්කර එම අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණයකර ඇත.

නව පනත් සංශෝධනය මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබේ.

මහපොළ පනත සංශෝධනයට

මෙම භාරකාර මණ්ඩලයේ සභාපති ධුරය මීට පෙර අගවිනිසුරුවරයා විසින් දරුනු ලැබීය.

එමෙන්ම එහි දේපළ පිළිබඳ 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ විධිවිධාවලට යටත් කරනු ඇත.

මේ අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල යන නාමය ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ලෙස සංශෝධනය කිරීමට ද නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment