බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.
පසුගිය (07 දා) කුවීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 357ක් ලබාගැනීමට සමත්විය. ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන්ට ප්‍රථම ඉනිම සඳහා ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 233ක් පමණි.
ඒ අනුව ලකුණු 125ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 3ක් දැවී ලකුණු 173ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවූ අතර කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 298ක ඉලක්කයක් හිමිවිය.
එම අභියෝගය සඳහා පිටියට පිවිසි කොදෙව්වන් තරගයේ 5 වැනි දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 201ක් ලබා සිටි අතර තරගයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට හිමිවෙමින් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.
ලකුණු සාරාංශය
දකුණු අප්‍රිකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 357යි. ටෙන්බා බවුමා 86, ටෝනි ඩී 78, විඅන් මුල්ඩර් 41. (ජොමෙල් වරිකන් 69/4, ජයඩන් සේලීස් 67/3, කෙමාර් රොජ් 53/2)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 233යි.
කේසි කාර්ති 43, ජේසන් හෝල්ඩර් 36, ක්‍රේග් බැත්වේට් 35යි.
(කේෂව් මහරාජ් 76/4, කගීසෝ රබාඩා 56/3,)
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 173යි. ටි්‍රස්ටන් ස්ටබ්ස් 68, ටෝනි ඩී 45, ඒඩ්න් මාක්‍රම් 38යි. (ජොමෙල් වරිකන් 57/2, කෙමාර් රොජ් 39/1)
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 201යි.
එලික් ඇතන්ස් 92, ජේසන් හෝල්ඩර් 31, කේසි කාර්ති 31යි.
(කේෂව් මහරාජ් 88/4, කගීසෝ රබාඩා 38/1)
සිසිර ඉන්ද්‍රජිත්