දැනට තාවකාලිකව අත්හිටුවා ඇති මහවැලි ජනපදිකයන් සඳහා ඔප්පු ලබාදීමේ වැඩසටහන යළි ආරම්භ කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා මහවැලි අධිකාරිය වෙත මුදල් වෙන් කර නොතිබීම මත එය අත්හිටුවා තිබිණි.
නව වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩ භාර ගැනීමෙන් පසු පැවති 2024 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවේදී දැනට ඔප්පු නොමැතිව සිටින මහවැලි ජනපදිකයන් සඳහා ඔප්පු ලබාදීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ යටතේ පළමු පියවර ලෙස ජනපදිකයන් 13,600කට ඉඩම් ඔප්පු ලබාදීමට අවධානය යොමු කර තිබේ.
උපාලි ද සේරම්