මහවැලි, කැලණි  ගංගා ආශ්‍රිත  ජල ධාරිතාව නගී – කොළඹත් මහ වැසි

183

ඉහළ ජල පෝෂක කලාපවලට ලැබුණ තදවැසි සමග මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිත ජලාශවල ජලධාරිතාව සියයට 90ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි.

ප්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශ ආශ්‍රිත කලාපවලට මිලිමීටර් 20ත් 30ත් අතර අඩු වැසි තත්ත්වයක් ලැබුණ බවත්, එම ජලාශවල ජලධාරිතාව ඊයේ (23දා) වනවිට සියයට 40ක සීමාවේ පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිත විදුලි බලාගාරවල ජල විදුලිය උපරිම ලෙස සිදු කෙරෙන බවත් ඒ අනුව එම ගංගාවල ජලධාරිතාව ඉහළ යනු ඇති බැවින් ගංගා ජලය පරිහරණය වඩාත් අවධානයෙන් සිදු කරන ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කැලණි සහ මහවැලි ගංගා ද්‍රෝණිවලට තද වැසි අපේක්ෂා කරන බවත් ඒම ගංගා දෙකෙහි ජල මට්ටම ඉහළ යා හැකි බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.

වයඹ පළාතට ලැබෙන තද වැසි සමග දැදුරුඔය ජලාශයේ ජලධාරිතාව උපරිම මට්ටමේ පවතින බව පැවසූ අධ්‍යක්ෂවරයා එහි වාන්දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර දැදුරු ඔයට ජලය මුදා හැරීමට පියවර ගත් බව පැවසීය. දිවයින අභ්‍යන්තරයේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ ආශ්‍රිත ජල පෝෂිත කලාපවලට තද වැසි නොලැබුණ බැවින් එම ජලාශවල අවදානමක් නොමැති බවද හෙතෙම පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක, ඡායාරූපය-  සමන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment