මහවැසි සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් බුත්තල නිවාස 15කට දැඩි හානි

109

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පෙරේදා (17 වෙනිදා) මහවැසි සමඟ හමාගිය දැඩි සුළඟින් නිවාස පහළොවකට හානි සිදුවී ඇතැයි බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ආර්. එස්. තිලකරත්න මහතා පැවසීය.

මහවැසි සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් බුත්තල නිවාස 15කට දැඩි හානි

ගස් සහ ගස්වල අතු නිවෙස් මතට කඩාවැටීමෙන් නිවාසවලට බරපතළ අලාභහානි සිදුවී ඇති අතර ඇතැම් නිවාසවල සෙවිලි තහඩු සුළඟට ගසාගෙන ගොස් තිබිණි.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උනාවටුණ, පුහුල්කොටුව, යුදඟනාව යන ග්‍රාමසේවා වසම්වල පිහිටි නිවාසවලට මෙලෙස හානි සිදුවිය.

ගස් කඩාවැටීම නිසා නිවෙස්වල විදුලිය විසන්ධි වී තිබූ අතර අතුරු මාර්ගවල ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණි. මේ පිළිබඳව ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා පැවසුවේ, “බුත්තල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක නිවාස පහළොවකට පමණ තද වැස්ස සහ සුළඟ නිසා ගස් කඩාවැටීමෙන් හානි සිදුවී තිබෙනවා. නිවැසියන්ට කිසිදු හානියක් සිදුවී නෑ. ග්‍රාම නිලධාරීන් සහ කාර්මික නිලධාරීන් යොදවා නිවෙස් වලට සිදුවී තිබෙන අලාභහානි තක්සේරු කර වන්දි ලබාදීමට කටයුතු කරනවා.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment