මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ දැයෙන් සමුගනී

255

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යය න පීඨාධිපති සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ඊයේ (27දා) අභාවප්‍රාප්ත විය.

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඒ මහතා තමා සතු දැනුම් සම්භාරය ඉදිරි පරපුරට දායාද කිරීමට නිර්ලෝභීව කටයුතු කළ ප්‍රාඥයෙකු ලෙස සැලකේ.

ශාස්ත්‍රීය රූපවාහිනි වැඩසටහන්වලට සම්පත් දායකයෙකු ලෙස සහභාගි වෙමින් බුදු දහම හා හෙළ සංස්කෘතිය පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කළ ගල්මංගොඩ මහතා සරල බසින් සිය භාෂාඥානය සමාජය වෙත මුදාහල විද්වතෙකි.

අභාවප්‍රාප්ත ගල්මංගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29දා) සවස සිදුකිරීමට නියමිත අතර ඒ මහතාගේ දේහය කඩවත, ඇල්දෙණියේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment