මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල – A ශ්‍රේණියේ මූලික රෝහලක් බවට පත්කෙරේ

38

බිබිල, මහාචාර්ය සේනක බිබිල අනුස්මරණ මූලික රෝහල A ශ්‍රේණියේ රෝහලක් බවට පත්කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉකුත් (15) වැනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල සහ බිබිල සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, විශේෂ සත්කාර ළදරු ඒකක, ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඖෂධාගාර ඇතුළු අංශ නිරීක්ෂණයට ලක්කරන ලදි.

රෝහල් නිරීක්ෂණ චාරිකාවලින් අනතුරුව අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමටද කටයුතු කළේය.

එහිදී, බිබිල මහාචාර්ය සේනක බිබිලේ මූලික රෝහල මේවන විට B ශ්‍රේණියේ මූලික රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ එම රෝහල A ශ්‍රේණියේ මූලික රෝහලක් බවට පත්කර දෙන ලෙසට ඉල්ලීමක් කළහ.

එයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා බිබිල රෝහල ් ශ්‍රේණියේ මූලික රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බව පැවසීය.

එමෙන්ම මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට හා බිබිල, මහාචාර්ය සේනක බිබිලේ මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා රෝහල්වලට අවශ්‍ය මානව සම්පතද ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment