මහාමාර්ග ඇමැතිවරයකු නොකළ වැඩක් ජොනී කරයි!

531

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් සියලූම දිස්ත‍්‍රික්කවල මැති ඇමැතිවරුන් කැ`දවා ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීන්දු කර ඇත. මාර්ග සංවර්ධනය මෙන්ම එහි ඇති ගැටලූ පිළිබ`දවද සාකච්ඡා කෙරෙණු ඇත.

 ඒ අනුව පළමු අදියරේදී දිස්ත‍්‍රික්ක 4ක මැති ඇමැතිවරුන් කැ`දවා එසේ සාකච්ඡුා කිරීමට නියමිතය.

 කෑගල්ල, බදුල්ල, කොළඹ සහ රත්නපුර දිස්ත‍්‍රික්කවල මැති ඇමැතිවරුන් පළමු අදියරේදී එසේ කැ`දවීමට සැලසුම් කර ඇත. ඉන් අනතුරුව සියලූ දිස්ත‍්‍රික්කවල ගැටලූ සාකච්ඡා කෙරෙණු ඇත.

 මෙහිදී එක් මන්ත‍්‍රීවරයකුට විනාඩි 15ක කාලයක් ලබා දීමටද අමාත්‍යවරයා සූදානම් කොට ඇත.

 මීට පෙර මෙසේ සියලූ දිස්ත‍්‍රික්කවල මැති ඇමැතිවරුන් සමග මාර්ග සංවර්ධනය පිළිබ`ද පෞද්ගලිකවම අදහස් විමසා නොමැත.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය කාර්යක්ෂමව හා ඵලදායි ලෙසින් ඉලක්කගතව සිදු කිරීමට මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment