මහාවංශයේ සඳහන් රිටිගල ලංකාරාමය ශ‍්‍රීනාගල රජමහ විහාරයද? – ජාතියේ අතීත ශ‍්‍රීවිභූතිය ලොවට හඬගා කීම පුරාවිද්‍යාවට භාරයි

299

ප‍්‍රථම සිංහල මහ රහතන් වහන්සේද ලක්දිව කළ ප‍්‍රථම විනය සංඝායනාවේ ප‍්‍රමුඛයාවීමේද කෘතපුණ්‍යභාග්‍යලත් මහ අරිට්ඨ මහ රහතන් වහන්සේ රිටිගල ගම්මානයේ උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන්ය.

 රිටිගල කඳු වළලූ කිහිපයකින් එකට එක්වී සෑදුන විශාල කන්දකි. මෙහි ආඬියාකන්ද, කරඹහින්න, නාඋල්පත, වේවැල්තැන්න යන ස්ථාන වලින් සෙල් ලිපි දහඅටක් සොයාගෙන ඇති බව ශිලා ලේඛන සංග‍්‍රහයේ සඳහන්වේ. එම සෙල්ලිපි වල වැඩි හරියක් දක්වා ඇත්තේ ගල්ලෙන් සහ ආරාම පූජා පිළිබඳවය.

Ritigala1 ක‍්‍රි.පූ. 247 රජ පැමිණි සූරතිස්ස රජතුමන් රිටිගල සමීපයෙහි ලංකාරාමය නම් විහාරයක් කරවූ බව මහාවංශයේ සඳහන් වේ. එම විහාරය රිටිගල, මුරියාකඩවල ශ‍්‍රීනාගල රජමහ විහාරය දැයි විමසා බැලීම වටිනා කටයුත්තකි.

 නිදන් හොරුන් විසින් කිහිපවතාවක් මෙම පුණ්‍ය භූමියේ පුරාවස්තුවලට හානි කළද ස්ථූපයට අතවත් තැබීමට නොහැකිව ඇත්තේ එහි ඇති අනුහස්භාවය නිසාය. මෙම ඓතිහාසික ස්ථූපය දඹදිව සාංචි ස්ථූපයේ අනුරුවක් දැයි සොයා බැලීම කළ යුතු කරුණකි. මෙම ඉපැරණි පුණ්‍ය භූමිය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් ගවේෂණයක් සිදුකර නැත.

Ritigala2මෙම ඓතිහාසික ස්ථූපයට දකුණු පස ඇති දැවැන්ත කොහොඹ ගසේ ස්ථූපයට යාබද අතුවල කොහොඹ කොළවල තිත්ත රස නොදැනීම පුදුමය දනවන්නකි.

Ritigala4රිටිගල කඳුවැටියේ නාමුල්ල වශයෙන් හඳුන්වන ප‍්‍රදේශයේ කඳුමුදුන ශ‍්‍රීනාගල විහාර මළුවට දිස්වන්නේ සැතැපෙන බුද්ධ ප‍්‍රතිමාවක හැඩයකි. මෙහි විවිධ අනුහස් ඇති බවත් රාත‍්‍රියට දේවතා එළි දිස්වෙන බවත් විහාරවාසි හිමියෝ් සඳහන් කරති. විහාරවාසි හිමියන් සඳහන් කරන පරිදි වැරදි වැඩ කරන කිසිම භික්‍ෂුවකට මෙම පුණ්‍ය භූමියේ වැඩ වාසය කළ නොහැකිය.

 දුටු දේ බිඳකි. නොදුටු දේ ගොඩකි. විහාරස්ථ ම්ළුවේ වැලිතලාවට යටව ඇති පුරාවස්තු බොහොමයක්ය. මේ පිළිබඳව ගවේෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමකි.

– කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment