2017 වසරේදී රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් ප‍්‍රංශයේ සංචාරයක නිරත විය. ඒ අවස්ථාවේ ප‍්‍රංශ ප‍්‍රකාශනයක් වන ‘‘ලිබරේෂන්” රුසියානු ජනපතිවරයාගේ පැරිස් සංචාරය සංසන්දනය කළේ 1717 දී රුසියාව සහ ප‍්‍රංශය අතර ශක්තිමත් සබඳතා ගොඩනඟාගත් මහා පීටර් රුසියානු අධිරාජ්‍යයාගේ ප‍්‍රංශ අගනුවර සංචාරයත් සමඟය. රුසියානු අධිරාජ්‍යයා ප‍්‍රංශ අගනුවරට පැමිණීමෙන් පසු 300 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පුටින් පැරීසියට පැමිණීමට අපේක්ෂා කරන බව ප‍්‍රංශ මාධ්‍ය ප‍්‍රකාශ කර තිබිණි. වත්මන් රුසියානු නායකයාගේ දේශපාලන ගමන මහා පීටර් රජුට සමාන කළේ අද ඊයේ සිට නම් නොවේ. වසර ගණනාවකට පෙර සිටය. වර්තමානයේ පීටර් රජු සිහිකෙරෙන්නේ යුකේ‍්‍රන ආක‍්‍රමණයත් සමගය. 2020 ජුලි මාසයේ ජනමත විචාරණයෙන් පසුව 2036 දක්වාම ජනපති ධුරය දැරීම සඳහා ජනපති පුටින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත් පසු බටහිර මාධ්‍ය මහා පීටර් හා රුසියානු නායකයා සංසන්දනය කරන්නට විය. පුටින්ගේ දැන් වයස අවුරුදු 69 ක් වන අතර, ඔහුට වයස අවුරුදු 84 කට ආසන්න වන තෙක් රටේ ජනාධිපතිවරයා ලෙස දිගටම කටයුතු කළ හැකි වේ. එයින් අදහස් වන්නේ ජෝසප් ස්ටාලින්ගේ ධූර කාලයට වඩා දිගු කාලයක් හෝ 18 වැනි සියවසේ පාලකයා වූ මහා පීටර් විසින් සිංහාසනයේ සිටි වසර 43 ට වඩා දිගු කලක් රුසියාව පාලනය කර රටේ දීර්ඝතම නායකයා ලෙස ඉතිහාසගත විය හැකි බවයි. මේවා යතාර්ථයක් වේද නැද්ද යන්න වෙනම කතාවකි.
මහා පීටර් සිය පාලන කාලය තුළ, රුසියානු අධිරාජ්‍යයේ පරිවර්තනයකට නායකත්වය දුන්නේය. ඔහු දූරදර්ශී නවීකරණය සිදුකරන්නකු, ගොඩනඟන්නකු සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වූ නමුත්, ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව විදේශ ප‍්‍රතිපත්තියේ ආක‍්‍රමණශීලී විලාසය හේතුවෙනි. ඇත්ත වශයෙන්ම, පුටින්ගේ පාලනයේ පළමු දශක දෙකේ කැපී පෙනෙන විදේශ ප‍්‍රතිපත්තිය ඔහුගේ පූර්වගාමී රජුට සමීපව සමාන වේ. මහා පීටර් 1696 දී අසෝව් වරාය නගරය අල්ලාගත් විට ඔහුගේ පළමු යුද ජයග‍්‍රහණයත් සමඟ මහත් ප‍්‍රබෝධයක් ඇති කළේය. මෙම ජයග‍්‍රහණය රුසියානු අධිරාජ්‍යයට මධ්‍යධරණී මුහුදට සමුද්‍රීය ප‍්‍රවේශය ලබා දුන් අතර දශක තුනක රුසියානු ව්‍යාප්තිය මුහුද දෙසට දියත් කළේය. පුටින් මෙන්ම, මහා පීටර් රජුද රාජ්‍ය පාලනය සිදු කළේ යකඩ හස්තයෙනි. රජු කොකේස් ආක‍්‍රමණය කළේය, කළු මුහුදට රුසියානු නාවික ප‍්‍රවේශය තහවුරු කළ අතර සහ යුකේ‍්‍රනයේ සාම්ප‍්‍රදායික නොවන යුද්ධයක් සිදු කළේය. මේවා ඉතිහාසයේ නැවත නැවත පුනුරුච්ඡාරණය නොවන්නේද? අද සිදුවන්නේ කුමක්ද?
රුසියානු ඉතිහාසය ගැන සාකච්ඡා කරන විට අමතක කළ නොහැකි සාර්වරයකු සිටී නම් ඒ මහා පීටර් අධිරාජ්‍යයා යි. ‘‘අධිරජ ප‍්‍රතිසංස්කරණවාදියා” පිළිබඳ පොත් අද දක්වාම ලියැවෙන අතර, ඔහුගේ බොහෝ ජයග‍්‍රහණ ගැන එදා සිට අද දක්වාම කතාවේ. මහා පීටර් (රුසියානුවන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පීටර් I) ශාන්ත පීටර්ස්බර්ග් හි නගරයේ නිර්මාතෘ ලෙස නිවැරදිව ප‍්‍රශංසාවට ලක්වන අතර නගරයේ බොහෝ ස්මාරකවලින් මෙය වඩා තහවුරු වේ. පීටර් විසින් අභිනව අගනුවර ලෙස ශාන්ත පීටර්ස්බර්ග් හි නගරය ඉදිකිරීම ඇරඹුවේ 1703 දී යි. 1713 දී එය රුසියාවේ අගනුවර ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.
මහා පීටර් රුසියානු නාවික හමුදාව ආරම්භ කළ අතර සියලූම වංශාධිපතීන් සඳහා අනිවාර්ය හමුදා සේවයක් සහ ගොවි ජනතාවගෙන් සහ සාමාන්‍ය පුරවැසියන්ගෙන් බඳවා ගැනීම් මත පදනම්ව නිත්‍ය හමුදාවක් පිහිටුවීය. නැව් තැනීම, හමුදා කටයුතු, විද්‍යාව සහ කලාව ඇතුළු සියලූම ක්ෂේත‍්‍රවල රුසියානු විශේෂඥයන් අදාළ අංශ සඳහා බඳවා ගන්නා ලදී. මහා පීටර් රුසියාවේ සාර් බවට පත් වූයේ 1682 දී. ඒ වෙද්දි ඔහුගේ වයස අවුරුදු 10ක් පමණ විය. ඔහු එවකට තම අර්ධ සහෝදරයා වූ පස්වන ඉවාන් සමග සම පාලකයා ලෙස කටයුතු කළේය. ඔහු තනි පාලකයා බවට පත් වුණේ 1696 දීය. 1725 දී මහා පීටර් අධිරාජ්‍යයා මියගිය අතර කැතරින් මීළඟ අධිරාජිණිය බවට පත් විය. රුසියාව බටහිරට යොමු කළ තැනැත්තා ලෙස මහා පීටර් අධිරාජ්‍යයා සැලකිය හැක. අද බටහිර ලෝකයට ඒ ආධිපත්‍යට එරෙහිව සටන් කරන්නේ ජනපති පුටින්ය. ඒ නිසාම ඔහු නූතන පීටර් බවට පත්ව තිබේ. යුකේ‍්‍රනය ගැටුම දිගින් දිගටම ඇදී යද්දී සමස්ත ලෝකයම අර්බුදයට ලක්ව ඇත්තේ බොරතෙල් මිල අහස උසට නඟින නිසාය. දැන් ඇත්තේ වසර තුන්සීයකට පෙර පැවති ලෝකය නොවන නිසා යුකේ‍්‍රනයේ බෝම්බ නිසා මෙරට වැසියන්ටද පාරේ තෙල් පෝලිම්වල ලඟින්නට සිදුව ඇත. එය වෙනම කතාවකි.
චතුර පමුණුව