මහින්දානන්ද ‘පරණ’ගමගේ

1535

නිදහස් ලංකාවේ බලයට පත් හැම ආණ්ඩුවකම ඇමැති මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඊට පෙර ආණ්ඩුවේ සිටි අයට වඩා විහිළුකාරයෝය. විශේෂයෙන්ම 1977 න් පසු බලයට පත්වූ ආණ්ඩු රජ වාසල කවටයන්ගෙන් බහුලය. සාමාන්‍යයෙන් රජ වාසල කවටයකුගේ රාජකාරිය වන්නේ රජතුමා පිනවන විහිළු කිරීමයි. එවිට ඒ අහල පහල සිටින රජතුමාගේ අධිකාරම්ලාද මහාධිකාරම්ලාද ඒ විහිළුව පාදක කොටගෙන සිනා සෙති. කවටයා විහිළුවක් කරන සැණින් රාජකීය කාර්ය මණ්ඩලය බලන්නේ රජතුමාගේ මූණ දෙසය. රජතුමා ඊට හිනැහුනොත් රාජකීය කාර්ය මණ්ඩලයද බිම පෙරැුළී සිනා සුනාහ. එය රජුට සිනා නොයන විහිළුවක් නම් රාජකීය කාර්ය මණ්ඩලයද බුම්බාගෙන සිටියාහ. ජේ. ආර්. ජයවර්ධන ගේ පාර්ලිමේන්තුවේ සිටි කවටයන්ට වැඩි කවට පිරිසක් පේ‍්‍රමදාස ආණ්ඩුවේ සිටියහ. ජනාධිපති පේ‍්‍රමදාසගේ සෙරෙප්පුවලින් සුප් පිසගෙන බීමට පවා තමා සූදානම් බව කී කවට රාජ්‍ය ඇමැතිවරයෙක් මේ මොහොතේදී සිහිපත් කරනු ලැබේ. ඔහුගේ නම සඳහන් නොකරන්නේ දැනට ජීවතුන් අතර ඉන්නා ඔහුගේ ඥාතීන් අවමානයට ලක් නොවනු පිණිසය. ලෙදර් සහ රබර් මිශ‍්‍ර කර සාදනු ලබන සෙරෙප්පුවලින් සුප් හදා බිව්වොත් එය කිසිසේත්ම දිරවන්නේ නැත. ඒ පානය කරන තැනැත්තා හඳුනා නොගත් ලෙඩකින් මිය යෑමට ඉඩ තිබේ. මේ වර්ගයේ මෝඩ විහිළු කාරයෝ මේ පාර්ලිමේන්තුවේත් සිටිති. මීට දින දෙක තුනකට පෙර ලිවිය යුතුව තිබුණේ වී නමුදු වඩා වැදගත් පුවත් නිසා මගහැරී ගිය එවැනි විහිළුවක් පිළිබඳ කතාව මෙසේය.

 ශ‍්‍රී ලංකාවේ ජනයාගේ ප‍්‍රධාන ආහාරය බත්ය. ඉස්සර මේ රටේ මිනිස්සු තුන් වේලටම බත් කෑහ. බත් යනු ග්ලූටන් අඩංගු සුවිශාල කාබෝහයිඩ්‍රේට් ගුලියකි. තුන් වේලම බත් කනවා යන්න විශේෂ නම්බුවක් ගෙන දෙන්නක් නොවේ. එහෙත් නූතන ලාංකිකයා කොතරම් නරක වුවත් අද කිරි පිටි බීමට පුරුදු වී සිටින්නා සේ හොඳ වේවා නරක වේවා මේ රටේ ජනයා එදා සිටම තුන් වේලටම ගත් ප‍්‍රධාන ආහාරය බත්ය. පසුව යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් මෙරටට තිරිඟු පිටි හඳුන්වා දීමෙන් පසු උදේට පාන් ගිලීමට පුරුදු වූ අපේ මිනිස්සු ඉතිරි දෙවේල බත් කෑහ. මෙකල සමාජය තුළ බත් පිසීම වාතයකි. බත් නිකම් ගිල දැමීමට බැරි අතර ඒ සඳහා එළවළු දෙකක් සහ මසක් මාළුවක් එකතු කරගනු ලැබේ. කාර්යබහුල නාගරික ජීවිතය තුළ මෙන්ම උදාසීන නාගරික නොවන ජීවිත තුළදී ද ?ට බත් කෑම පළමුකොට කරදරයක් ලෙසත් දෙවනුව සෞඛ්‍යට අහිතකර දෙයක් ලෙසත් සලකනු ලැබේ. මේ නිසා රාත‍්‍රී ආහාර වේල සඳහා වඩා පෝෂ්‍යදායක ලෙස හැෙඟන චිකන් කොත්තු, ඉඳිආප්ප, කොත්තු, බිත්තර ආප්ප හෝ පාන් ගිල දමනු ලැබේ. ඒ අනුව මෙකල බත් කන්නේ දවාලට පමණි. ඒ එක බත් වේලද කෑමට බැරි තරම් මේ වන විට සහල් මිල ඉහළය. ඉදිරියේදී සම්බා සහල් කිලෝවක් රුපියල් 300 දක්වාත් කීරි සම්බා කිලෝවක් රුපියල් 500 දක්වාත් ඉහළ යනු ඇතැයි විපක්ෂයේ අර්ථ ශාස්ත‍්‍රඥවරු විශ්වාස කරති. රසායනික පොහොර අවුල නිසා ඉකුත් කන්නය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බැවින් සහල් හිඟයක් හටගනිමින් පවතින බවද එකී අර්ථ ශාස්ත‍්‍රඥයෝ අපට දැනුම් දෙති. මේ දැනුම් දීම ඇසූ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ ස්වකීය අහිංසක අව්‍යාජ සහ පර්යේෂණාත්මක අදහස් පළකර ඇත. ඔහු කියන පරිදි සිංගප්පූරුව සහ ඩුබායි යන රටවල කුඹුරු නැත. එහෙත් ඒ රටවල මිනිස්සු තමන්ට කුඹුරු නැතැයි කියා නිකම් නොසිට පිට රටින් සහල් ගෙන්වා බත් කති. ඔහුගේ තර්කයට අනුව කිසියම් රටක කිසියම් දෙයක් නැත්නම් එය පිට රටින් ගෙන්වාගෙන පරිභෝජනය කළ හැකිය.

 මේ කතන්දරය අසන විට එක පැත්තකින් මහින්දානන්ද අලූත්ගමගේ ඉපැරණි රජ වාසලක සිටි කවටයකුගේ අහිංසක සහ අව්‍යාජ පුනරුත්පත්තියක් විය හැකි බව අපට දැනේ. ඊළඟට ඔහුගේ නම අලූත් ගමගේ වුවත් ඔහුගේ දැනුම පරණ ලදරමක් බව අපට සිතේ. එමෙන්ම අපට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය මේ ඇමැතිට නොතේරේ. මේ රටේ මේ මොහොතේ ඇති ප‍්‍රමුඛ ප‍්‍රශ්නය ඩොලර් ප‍්‍රශ්නයයි. මේ රටේ සහල් හිඟයක් තිබෙන විට සහල් ගෙන්වීමට සිදුවන්නේ පිට රටිනි. ඒ සඳහා ඇමරිකන් ඩොලර් අවශ්‍යය. සිංගප්පූරුවේ සහ ඩුබායි රටවල ජනයාට කුඹුරු නැතත් විශාල වශයෙන් සල්ලි තිබේ. ලෝකයේ ඩොලර් මිලියනපතියන් වැඩිම පිරිසක් වාසය කරන රට සිංගප්පූරුවය. ඒ රටේ ජනගහනය මිලියන පහක් පමණ වන අතර ඒ ජනගහනයෙන් හතරෙන් එකක් ඩොලර් මිලියනපතියෝ වෙති. ඒ නිසා තම රටේ නැති ඕනෑම බඩුවක් පිට රටින් ගෙන්වීමට සිංගප්පූරුවට ශක්තිය තිබේ. ඇත්තටම සිංගප්පූරුව තුළ වැලි මිස වෙන කිසිවක් නැත. ලී ක්වාන් යූ සිංගප්පූරුව පිහිටු වූ කාලයේදී එය ගහක් කොළක් නැති ධීවර ගම්මානයකි. ඒ අනුව ඒ රටට අයත්ව තිබුණේ සුදු වැලි සහිත පොළොවත්, ලූණු වතුරත්, මූදු මාළු සහ මසුන් මරන්නනුත් පමණි. ලී ක්වාන් යූ මේ රට මොනතරම් පුදුම සහගත ලෙස හැදුවේද යත් ලෝකයේ තිබෙන හැම දෙයක්ම අද සිංගප්පූරුවේ ඇත. ඔවුන් ඒ හැම දෙයක්ම ගත්තේ මහන්සි වී උපයන ලද ඩොලර් වලිනි. ආරම්භයේදී සතයක්වත් අය නොකර ඔවුන්ට යමක් දුන් එකම රට ලංකාවය. සිංගප්පූරුව වැලි කාන්තාරයක්ව තිබූ කාලයේදී ඒ රටේ වගා කිරීමට ගස් අවශ්‍ය විය. එවකට ලංකාවේ අගමැති වූ ඩඞ්ලි සේනානායක  සිංගප්පූරුවේ පැළ කිරීම සඳහා ගස් ලක්ෂ ගණනක් පරිත්‍යාග කළේය. ඒවා නැව් පුරවා සිංගප්පූරුවට ගෙන ගොස් වගා කරන ලදී. අද ලාංකිකයකු වීසා කාලය ඉක්මවා හසුවූ විට සිංගප්පූරු උසාවිය එම ලාංකිකයාගේ පස්සා පැත්තට වේවැල් පහරවල් පහක් ගසයි. මේ වේවැල අඟලක් පමණ ඝනකමය. දෙවැනි පහර වදින විටම පහර කන එකාට සිහිය නැතිවේ. ඔහු යළි සිහි ලැබූ විට ඉතිරි පහර තුන පෙර පරිදිම ප‍්‍රදානය කරනු ලැබේ. ඩඞ්ලි සේනානායක නොමිලේ සිංගප්පූරුවට ගස් දුන් හැටි ඒ වෙලාවේදී කාටවත් මතක් වන්නේ නැත. අද සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 59,900 කි. ඩුබායි රාජ්‍යයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 43,537 කි. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4100 කි. ඒ අනුව එක් සිංගප්පූරු ජාතිකයෙක් ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම මෙන් දොළොස් ගුණයක් උපයයි. මේ නිසා තම රටේ කුඹුරු නැතත් ඕනෑම රටකින් සහල් ගෙන්වා බත් කෑමට සිංගප්පූරුවට පුළුවන. ඕනෑ නම් ඒවා රත්තරන් පිඟන්වල දාගෙන වුවද කෑමට තරම් වත්කමක් සිංගප්පූරු ජාතිකයන් සෑම හතරදෙනකුගෙන් එක් අයකුටම ඇත.

 ප‍්‍රසිද්ධ සභාවල කතා පවත්වන විට තම පරණ දැනුම අලූත් කරගන්නා මෙන් මහින්දානන්ද  අලූත්ගමගේගෙන් අපි ඉල්ලමු. හැට නව ලක්ෂයක් ඡුන්ද දායකයෝ ඔහු කියන කතා අසා සිනාසෙති. (මෙහි පරණගමගේ යන වචනය යොදන ලද්දේ මහින්දානන්දට අපහාස කිරීමට නොව හුදු උපහාසය පිණිසය.)

advertistmentadvertistment
advertistmentadvertistment