සියයට 39.6කින් වැඩිවීමක්
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දී වී කිලෝග්රෑම් මිලියන 2,696ක් නිෂ්පාදනය කර ඇති බැව් ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
වී නිෂ්පාදනය 2022 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහ කන්නයේ දී සියයට 39.6කින් වැඩි වී ඇත.
2022 වර්ෂයේ මහ කන්නයේ වී නිෂ්පාදනය වී කිලෝග්රෑම් මිලියන 1931.2කි. ඒ අනුව 2022 වර්ෂයේ මහකන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහකන්නයේ දී මෙරට වී නිෂ්පාදනය කිලෝග්රෑම් මිලියන 764.8කින් වැඩි වී ඇත.
එමෙන්ම 2023 වර්ෂයේ යල කන්නයේ දී මෙරට වී නිෂ්පාදනය වී කිලෝග්රෑම් මිලියන 1,817.4කි. 2022 වර්ෂයේ යල කන්නයේ වී නිෂ්පාදනය වී කිලෝග්රෑම් මිලියන 1,461.7කි. මහ බැංකු වාර්තාවට අනුව වී නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණ ද මේ වන විට වෙළෙඳ පොළේ සහල් මිල ඉතා වේගයෙන් වැඩි වී ඇත.
මෙවන් පසුබිමක සහල් හා වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කරනු ලැබූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබුණි.
ලලිත් චාමින්ද