මහ ඡන්දයට නාමයෝජනා භාරගැනීම හෙට සිට

42

ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප බඳී

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර භාරගැනීම හෙට (04දා) සිට ආරම්භ වෙයි.

නාමයෝජනා පත්‍ර භාරගැනීම හෙට සිට ලබන 11 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාලවලදී සිදු කිරීමට නියමිතය.

මේ වනවිට මැතිවරණයට තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන පක්‍ෂ හෝ කණ්ඩායම් තරගකරන දිස්ත්‍රික්කයට තෝරා ගන්නා මන්ත්‍රීවරුන් ප්‍රමාණයට වඩා තිදෙනකු වැඩිපුර අපේක්‍ෂකයන් වශයෙන් කණ්ඩායමට නම්කළ යුතු වෙයි. භාර දෙනු ලබන

නාමයෝජනා පත්‍ර පිළිබඳ විරෝධතා පළ කිරීමට 11 වැනිදා මධ්‍යහ්න 12.00 න් පසුව පැයක කාලයක් හිමිවන අතර ඒ සඳහා සියලු කණ්ඩායම්වල

නාමයෝජනා පත්‍ර අදාළ ක්‍ෂේත්‍රවල ප්‍රදර්ශනය කරනු ලබයි. සුදුසුකම් ලබන නාමයෝජනා පත්‍ර එදින ප්‍රකාශයට පත් කරනු ලබයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment