තෙවන සමාලෝචනය කල්යයි
නව අයවැය යෝජනාත් බලයි
මෙවර මහ මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ සමාලෝචනය ප්‍රමාදවීම නිසා එම අරමුදලේ තුන්වන ණය වාරිකය ලැබීම ද ප්‍රමාද වනු ඇතැයි වාර්තාවේ.
මෙම තෙවන සමාලෝචනය 2024 දෙසැම්බර් අග වනවිට අවසන් කළ යුතුව තිබුණත්, ඊට පෙර ලබන වසර (2025) සඳහා අයවැය ඉදිරිපත් කිරීම වැනි පූර්ව ක්‍රියාමාර්ග කළ යුතුව තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍යයට පවසා ඇත.
එහෙත් නව රජය මහ මැතිවරණය හේතුවෙන් අයවැයක් වෙනුවට ලබන වසරේ (2025) මාස තුනක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2025 අයවැය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත්තේ ලබන වසරේ (2025) මුල් මාස තුන ඇතුළත බැවින් මෙසේ එම අයිඑම්එෆ් තෙවන සමාලෝචනය ද ප්‍රමාදවීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලැබීම ද ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.
එහෙත් වොෂින්ටන් නුවරදී පැවති අයිඑම්එෆ් සාකච්ඡා සාර්ථකව පැවති බවද ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට තවදුරටත් වාර්තාවේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත