පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම හෙට (11දා) මධ්‍යහ්න 12.00ට අවසන් වෙයි.
දේශපාලන පක්ෂ කිහිපයක් නාමයෝජනා පත්‍ර භාරදීම ඊයේ (9දා) ආරම්භ කළ අතර තවත් ප්‍රධාන පක්ෂ හා සන්ධාන අද (10දා) නාමයෝජනා පත්‍ර භාරදීමට නියමිතය.
ජන අරගල සන්ධානය ගම්පහ, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 9කට ඊයේ නාමයෝජනා පත්‍ර භාරදුන් අතර අනෙකුත් පක්ෂ සිය දිස්ත්‍රික් අපේක්ෂක නාමයෝජනා ඊයේ දිනයේදී අත්සන් කර අවසන් කර තිබුණි.
ඒ අනුව ජාතික ජන සන්ධානය සමගි ජන බලවේගය, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය යන පක්ෂ ද ඊයේ නාමයෝජනා පත්රවලට අත්සන් කරනු ලැබූ අතර අද දිනයේදී තේරීම් භාර නිලධාරි කාර්යාලයේදී නාමයෝජනා පත්‍ර භාරදීමට නියමිතය. මේ අතර රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය ද ඊයේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා පත්‍ර භාරදී තිබේ.
මේ අතර මහමැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් රැසකට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. යුරෝපා සංගමය, සාක් කලාපීය නිරීක්ෂණ කණ්ඩායම ඇතුළු රටවල් 8කට ආරාධනා කර තිබේ. මින් යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී ඇති කාලසීමාව අද මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වෙයි. අයදුම්පත් තැපැල් නොකර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනැවිත් භාරදෙන ලෙස ද කොමිසම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
රනිල් ධර්මසේන