මහ බැංකුවේ ක්‍රියාමාර්ගවලට ඇඟලුම් එකඟයි

149

විදේශ විනිමය ගනුදෙනු සහ විදේශ විනිමය පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සිය සංසදය පිළිගන්නා බව මෙරට ඇඟලුම් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානම ආයතනය වන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංසදය පැවසුවේ අපගේ රට මේ වනවිට මුහුණ දී සිටින දැඩි අර්බුදකාරි තත්ත්වය පිළිබඳව සිය සාමාජිකයින් දැඩි විමසිල්ලෙන් සිටින බවයි. අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීම සහතික කරමින් අපගේ සාමාජික සමාගම් නීතියට අනුකූලව කටයුතු කර ඇති බව අපට විශ්වාසයි. ජනතාව මුහුණදෙන වත්මන් ආර්ථික දුෂ්කරතාවලට සහනයක් දීමට අප කැපවී සිටිනවා” යැයි ද එම සංසදය කියයි.

අපගේ සාමාජික සමාගම් දැනට පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරනු ඇති අතර මෙම අභියෝගාත්මක තත්ත්වයන් යටතේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙන සියලුම පාර්ශ්වකරුවන්ට අත්‍යවශ්‍ය සහාය ලබාදීම සඳහා මහබැංකුව සහ රජය විසින් ගනු ලබන සියලු ප්‍රයත්නයන්ට අඛණ්ඩ සහයෝගය ලබා දීමට කටයුතු කරන බව එම ඇඟලුම් සංසදය පවසයි.

ඇඟලුම් යනු ශ්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ විනිමය උපයනු ලබන අංශය වන අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6%ක දායකත්වයක් සපයයි. එම අංශය සේවකයින් 350,000කට පමණ ස්ථිර රැකියා අවස්ථා සහ තවත් 700,000කගේ ජීවනෝපාය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment