මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 453ක් මිලදී ගනී

540

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් මාර්තු මාසයේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 453.06 ක් මිල දී ගෙන ඇත.

එසේම 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 287 ක් සහ ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 348.79 ක් මිල දී ගැනීමට ද මීට පෙර මහ බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව 2023 මුල් මාස 03 තුළ දී ඩොලර් මිලියන 1,088.85 ක් මහ බැංකුව මිල දී ගෙන ඇති අතර මෙම කාලය තුළ මහ බැංකුව විසින් විකුණන ලද ඩොලර් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 226.17 කි.

සමස්තයක් ලෙස ගත් කල මේ වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 862.68 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.

මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් මේ තොරතුරු අනාවරණය වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment