මහ බැංකුව ස්වාධීන කළේ එයාලාට හිතුමතේ පඩි වැඩිකරගන්න නෙමේ

269

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කර ඇත්තේ ගනු ලබන තීන්දු ස්වාධීන කිරීමට මිස මූල්‍ය පාලනය ද ස්වාධීන කර ගනිමින් හිතුමතේ වැටුප් වැඩිකර ගැනීමට නොවන බව වාරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.

එබැවින් හැන්ද ඇති අතින් වැටුප් වැඩිකර ගැනීමට මහ බැංකුව ගත් ක්‍රියාමාර්ගය සදාචාර නොවන බවද සඳහන් කළේය. මහ බැංකුව විසින් ඒ හැන්ද තිබෙන අය තමන්ට බෙදාගැනීමට ගන්නා ලද ඒ ක්‍රියාමාර්ගය වැරදි බව මා ප්‍රකාශ කරනවා. මේ රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ආයතනයක් ස්වාධීනයි කියලා මේ රටේ සල්ලි සහ උපයන මුදල් ඒ ආයතනවලට හිමි වෙන්නේ නෑ. ඒවා හිමිවෙන්නේ මේ රටේ ජනතාවට. අපි හැමෝම එකතුවෙලා මේවා ස්වාධීන ආයතන බවට පත් කළා. ඒ ආයතන ස්වාධීන කළේ ඒ අය ගන්නා තීන්දු ස්වාධීන කරන්න මිසක් මූල්‍ය පාලනය ස්වාධීන කරන්න නොවෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment